ඔක්තොම්බර් සිට වාහන ආනයනය වෙන්නෙ මෙහෙමයි

කාර්මික සහ බර වාහන වලින් ආරම්භ කර ඔක්තෝබර් මාසයේ සිට වාහන ආනයනයට අවසර දීමට රජය තීරණය කර තිබෙනවා.

කාර්මික හා බර වාහන ආනයනය සඳහා අවසර ලබා දීමෙන් පසු ත්‍රිරෝද රථ සහ යතුරුපැදි ආනයනය සඳහා ප්‍රමුඛත්වය ලබා දෙනු ඇතැයි වාර්තා වෙනවා.

දෙවැනුව කුඩා මෝටර් රථවල සිට සුඛෝපභෝගී සහ අධි සුඛෝපබෝගී වාහන දක්වා එයල් පුළුල් කිරීමට නියමිතයි.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසන්නේ මෙම යෝජනා ක්‍රමය යටතේ විදුලි වාහන ආනයනයට ප්‍රමුඛත්වය ලබා දීම රජයේ ප්‍රතිපත්තිය වනු ඇති බවයි.

විදේශ සංචිතයට අනුව වසරක් තුළ ආනයනය කළ යුතු උපරිම වාහන සංඛ්‍යාව පිළිබඳව රජය මහ බැංකුවේ උපදෙස් ලබා ගන්නා බව ඔහු පවසනවා.

කෙසේ වෙතත්, රාජ්‍ය අංශයේ සේවකයින්ට තීරුබදු රහිත යෝජනා ක්‍රම යටතේ වාහන ආනයනය කිරීමට අවසර දීම සම්බන්ධයෙන් රජය වහාම සලකා බලනු නොලබන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Latest News

More like this

එජාබ සජබ යළි එක් කිරීමේ මෙහෙයුම සාර්ථකයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යළි ඒකාබද්ධ...

6 ශ්‍රේණිය සමලිංගික මොඩියුලය ගැන හරිනිගේ ප්‍රකාශය එයි.. අඩුම කණගාටුවවත් නැහැ…

රජය 2026 වසරේ සිට හඳුන්වා දුන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ...

ලතා වල්පොලට රාජ්‍ය ගෞරවය නොදී රාජ්‍ය අනුග්‍රහය දුන් හේතුව.. ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොල මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය...