මෝදිගේ දිවුරුම් උළෙලට සහභාගී වීමට රනිල් පිටත් වෙයි

නවදිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන්හිදී අද (09) පැවැත්වෙන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඔහුගේ අමාත්‍ය මණ්ඩලයේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වන කලාපීය නායකයින් අතරට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද එක් වී සිටිනවා.

සවස් වරුවේ පැවැත්වෙන උත්සවයට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා දූත පිරිස එයාර් ඉන්දියා ගුවන් යානයකින් අද උදෑසන ඉන්දියාව බලා පිටත්ව ගියා.

උත්සවයෙන් අනතුරුව ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු විසින් රාෂ්ට්‍රපති භවන්හිදී පවත්වනු ලබන භෝජන සංග්‍රහයකට ද රාජ්‍ය නායකයින් වෙත ආරධනා ලැබී තිබෙනවා.

බංගලිදේශය, නේපාලය, භූතානය, මාලදිවයින, සීෂෙල්ස් සහ මුරිෂස් යන රටවල නායකයින්ට ද අද උත්සවයට ආරාධනා කර ඇතැයි වාර්තා වෙනවා.

කෙසේ වෙතත්, පාකිස්තානයේ සහ මියන්මාරයේ නායකයින්ට ආරාධනා කර නැහැ.

කොළඹදී ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සඳහා නායකයින්ගේ පැමිණීම ඉන්දියාව සිය ‘පළමුව අසල්වැසියා’ ප්‍රතිපත්තියට ලබා දී ඇති ඉහළම ප්‍රමුඛතාවයට අනුකූල වන බවයි.

ජනාධිපති වික්‍රමසිංහ සමඟ එක්වුණු ශ්‍රී ලංකා දූත පිරිසට ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ විදේශ ලේකම් අරුණි විජේවර්ධන ද එක් වී සිටියා.

Latest News

More like this

6 ශ්‍රේණියේ ඉංග්‍රිසි මොඩියුලය සමලිංගික කිරීමේ වගකීම කාගේද?

රජය විසින් හඳුන්වා දෙනු ලබන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ...

අනුර සහ පැලවත්ත ජවිපෙ මූලස්ථානය අතර සීතල යුද්ධයක්..

ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික ජන බලවේගය අතර සීතල...

ඇමති ජනමාධ්‍ය වලට එරෙහිව පිහිය මුවාත් තබයි…

මහජන සෞඛ්‍යයට අදාළ හානි දායක පුවත් වාර්තා කළහොත් අනිවාර්යයෙන්...

මේ රටට ඕන දරුණු ඒකාධිපති කාරුණික පාලකයෙක්.. මම ජනපති සටනට එනවා.. සමන්ත භද්‍ර හිමි

රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට නායකත්වය දීමට තමන් කැමති...