මොනෑෂ් විශ්වවිද්‍යාලය ලංකාවේ නැවතුණා නම් IMF යන්න වෙන්න නෑ

මීට වසර පහළවකට පෙර ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ ශාඛාවක් ලංකාවේ ස්ථාපිත කිරීමට කටයුතු කළ අවස්ථාවේ ජනතා විමුක්‍ති පෙරමුණ ඊට එරෙහි වී එළවා දැමීම නිසා රටට ලැබීමට නියමිත විශාල ධනස්කන්ධයක් වැළකී ගිය බව විදේශ කටයුතු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.

එම අවස්ථාව නැති කරමින් ජනතා විමුක්ති පෙරමුණ රටේ ආර්ථිකය ඝාතනය කළ බවට ඔහුට චෝදනා කරනවා.

මොනෑෂ් විශ්වවිද්‍යාලය ඒ අවස්ථාවේ නතර කරගත්‍තා නම් IMF යාමට ද අවශ්‍යතාවක් ඇති නොවන බව ඔහු කියා සිටියා.

ඉන් පසු මොනෑෂ් විශ්වවිද්‍යාලය එම ශාඛාව මැලේසියාවෙහි ස්ථාපිත කිරීමට කටයුතු කළ බවත් අද වන විට මැලේසියාව අධ්‍යපානයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් ව ඇති බවයි ඔහු පවසන්නේ.

“අද මැලේසියාවේ සම්පූර්ණ ආදායම ඩොලර් මිලියන 40 ක්. මේ වෙනකොට මේ විශ්වවිද්‍යාල පද්ධතිය නිසා හම්බවෙලා තියෙනවා මාලේසියාවට.ලංකාවට ලැබුණු අවස්ථාව තමයි ලංකාවේ ආර්ථික ඝාතකයෝ ටික පයින් ගහල එළවලා දැම්මෙ”

Latest News

More like this

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...

ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන්ට මිලියන 25 දක්වා ණයක්

2026 වසරේ රජයෙන් ලබා දෙන සහන පොලී ණය ක්‍රමය...

ශාන්ත පද්ම කුමාරගේ සිදුවීමට අදාළ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පත්ම...

අධ්‍යාපන අමාත්‍යාංශය සිරිමාවෝ විදුහල්පතිනියගෙන් වාර්තාවක් කැඳවයි

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ මෑතකදී පැවති වර්ණ සම්මාන ප්‍රදානය කිරීමේ...