ජාතික ජන බලවේගයේ වේදිකාවට නොයැන්නයි රවී සෙනෙවිත්නට සාගලගෙන් සහ සජිත්ගෙන් තර්ජන

ජාතික ජන බලවේගයට විශ්‍රාමික පොලිස් සාමුහිකය සමඟ එක් වීම සිදු නොකරන්නැයි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාට ආණ්ඩු පක්ෂයෙන් මෙන්ම විපක්ෂයෙන් බලපෑම් එල්ල වෙමින් පවතින බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අනාවරණය කළා.

අනුරගේ කතාවෙන් සෘජුවම හැඟවුම් කළ පරිදි එම බලපෑම් එල්ල වන්නේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානි සාගල රත්නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙනි.

සාගල සහ සජිත්ගේ නම් අනාවරණය කරමින් අනුර පැවසුවේ මේ රටේ පුරවැසියකුට තමන් කැමති දේශපාලන අදහසක් දැරීමට ඇති නිදහසට අත නොතබන ලෙසත් කැත වැඩ නොකරන ලෙසත්ය.

රවී සෙනෙවිරත්න යනු අපේ රටේ අපරාධ දෙපාර්තමේන්තුව භාරව හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා.ශානි අබේසේකර යනු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයෙක්. මේ දෙපාර්ශවයේම පැටකිරිය හොඳටම දන්න මිනිස්සු.ඒකයි මේ තර්ජනය පිටුපස්සෙ තිබෙන්නේ.ඒකයි මේ ආයාචනයන් පිටුපස්සෙ තිබෙන්නේ.ඒ කිසිදු තර්ජනයකට බිය නොවී කිසිදු තර්ජනයක් හමුවේ පලා නොයමින් අද මේ වේදිකාවට ගොඩ වෙලා අත්දැකීම්වලින් මේ රටේ නීතියට සහ ආධිපත්‍යයට මොකද වෙලා තියෙන්නෙ කියලා මොරගාල කියල තියෙනවා.නිර්භීත මිනිස්සු.කියල තියෙනව විතරක් නෙවෙයි මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා සක්‍රීයව මැදිහත්වීමට සඵත කරල තියෙනවා”

ඔහු මේ බව සඳහන් කළේ විශ්‍රාමික පොලිස් නිලධාරීන්ගේ සාමුහිකයේ මහරගම පැවති ජාතික සමුළුව අමතමිනි.

Latest News

More like this

ආර්ථිකය යළිත් කඩා වැටෙන බවට රනිල්ගේ අනාවැකිය හරි… IMF වාර්තාවක් තහවුරු කරයි

ශ්‍රී ලංකාවට ලබන වසරේ සියයට 4.2 ක සැලකිය යුතු...

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම නිසා මිනිහෙක් මළත් නලින්දව හිරේ යවන්න බෑ

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම අත්සන් කරමින් මීට පෙර නීතිවිරෝධීව සිදු...

රන්වලගේ ලයිසන් එක කැන්සල්… තුවාල නොලැබූ සැකකරු තවමත් රෝහලේ ඇයි?

හිටපු කථානායක ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...