පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දඬුවම් කළේ පැත්‍තක හිටිය පොලිසි සැරයන් කෙනෙකුටයි කොස්තාපල් කෙනෙකුටයි විතරයි – රවී සෙනෙවිරත්න කළ ආන්දෝලනාත්මක කතාව

2019 වසරේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත් වූ වහාම සිය අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය පත් කිරීමටත් පෙර සිදු කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පාස්කු ප්‍රහාරයේ විමර්ශනය භාරව සිටි හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා තනතුරෙන් පහළ හෙලූ සහ ස්ථාන මාරු කිරීම බව විශ්‍රාමික පොලිස් සාමුහිකයේ ප්‍රධානි,අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා පවසනවා.

එමෙන්ම ඔහු යටතේ සිටි නිලධාරීන් 700 කට කිසිදු අධිකරණ නියෝගයකින් තොරව විදෙස් ගමන් තහනම් කිරීමයි.එලෙස විදෙස් ගමන් තහනම් කරන්නේ අපරාධකරුවන් සඳහා වන අතර මෙම නිලධාරීන් 700 දෙනාම අපරාධ විමර්ශකයින් බවයි රවී සෙනෙවිරත්න මහතා පැවසුවේ.

පාස්කු ප්‍රහාරය පිටුපස යම්කිසි දේශපාලන කුමන්ත්‍රණයක් සිදු වූ බව විශ්වාස කරන බවත් අවසානයේ ඒ සඳහා දඬුවම් ලබා දී ඇත්තේ කටාන පොලිසියේ පොලිස් සැරයන්වරයෙකුට සහ පොලිස් කොස්තාපල්වරයෙකුට පමණක් බව ඔහු සඳහන් කළා.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග කිරීම් අනුව ක්‍රියාත්මක කළ විනය පරීක්ෂණකදී චෝදනා භාරගත් නිලධාරීන් දෙදෙනෙක් මේ වන විට සේවයෙන් පහ කිරීමට කටයුතු කර තිබෙන බව ඒ මහතා සඳහන් කළා.

ඔහු මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ මහරගම තරුණ සේවා සභාවේ දී අද (09) පැවති විශ්‍රාමික පොලිස් සාමුහිකයේ ජාතික සමුළුවට එක් වෙමිනි.

එම සමුළුවට රවී සෙනෙවිරත්න,ශානි අබේසේකර වැනි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් රැසක් එක් වීම කැපී පෙනෙන සිදුවීමක් වුණා.

පොලිස් කොමිසම පිහිටුවනු ලැබුවේ ස්වාධීන පොලිසියක් නිර්මාණය කිරීමට වුවත් ශානි අබේසේකර මහතාගේ විශ්‍රාම වැටුප් හිඟ මුදල් ලබා ගැනීමට කටයුතු කළ අවස්ථාවේ පොලිස් කොමිසම කිසිම ස්වාධීනභාවයක් පෙන්නුම් නොකළ බව ද ඒ මහතා සඳහන් කළා.

ඒ විතරක් නෙවෙයි පාස්කු විමර්ශනය කළ නිලධාරීන් 700 ම ස්ථාන මාරු කළා. ශානි අබේසේකර හඹායාම එතැනින් නතර වුණේ නැහැ. ඔහුගේ වැඩ තහනම් කළා. අසත්‍ය සාක්ෂි නිර්මාණය කරලා (ඒක මම නෙවෙයි කියන්නෙ අභියාචනාධිකරණය) ඔහුව අත් අඩංගුවට අරගෙන මාස 11 ක් තිබ්බා. ඒක තමයි ස්වාධීනව වැඩ කරපු නිලධාරියෙක්ට අපේ රටේ අත් වෙච්ච ඉරණම. සිර මැදිරියේ සිටිද්දිම ඔහුට විශ්‍රාම යන්න වුණා. යන්න දුන්නෙනෑ. ඊට පස්සෙ විශ්‍රාම වැටුප ලබා දුන්නෙ නෑ. අධිකරණයට ගිහින් විශ්‍රාම වැටුප ගෙව්වට පස්සෙ හිඟ මුදල් ගෙව්වෙ නෑ. ඊළඟට පරිපාලන අභියාචන ආයතනයට ගිහින් පැමිණිලි කළා”

Latest News

More like this

සෞඛ්‍ය කෝටි 3923ක් නීතිවිරෝධීව ඕටී ගෙවලා

සෞඛ්‍ය අමාත්‍යාංශය රෝහල් හා ආයතන සඳහා රුපියල් කෝටි තුනකට...

ලෝක බල අරගලය, මෙරට බල හුවමාරුවකට හේතු විය හැකියි.. හිටපු ජනපති රනිල්

ලෝක බල අරගලයක් දෙසට ගමන් කරමින් සිටින පසුබිමක මෙරට...

විද්‍යුත් පාස්පෝට් සිද්ධිය : අධිකරණයට අපහාස කළ බව ඉලූ‍ක්පිටිය පිළිගනී

විද්‍යුත් විසා ලබාදීමේ සේවය විදේශ සමාගම් දෙකකට ලබාදීමට ගෙන...
error: Content is protected !!