ජාතික ජන බලවේගයේ රජයක අපි ඔබට යුක්තිය ඉටු කරන්නම්.. – අනුර ශානි අබේසේකරට සහතික වෙයි

නුදුරේ දීම බිහිවෙන ජන බලවේගයේ රජය, ශානි අබේසේකර වෙනුවෙන් අනිවාර්යයෙන් යුක්තිය ඉටු කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ රටේ පුරවැසියන්ට යුක්තිය ඉටු කිරීම සඳහා තමන්ට පැවරී ඇති යුක්තිය ඉටු කිරීමේ දී කිසිම නිලධාරියකු වරදකරුවකු බවට පත් නොවිය යුතු බව සඳහන් කරමිනි.

“අපි ඔබට සහතිකයක් දෙන්නම් ශානි,ජාතික ජනබලවේගයේ රජයක අපි ඔබ වෙනුවෙන් අනිවාර්යයෙන් යුක්‍තය ඉටු කර දෙනවා. ඔහු විතරක් නෙවෙයි අසාධාරණයට ලක් වූ සියලුම නිලධාරීන්ට යුක්තිය ඉටු විය යුතුයි.නීති ගරුක දේශයක් අපට අවශ්‍යයයි” යනුවෙන් ඔහු පැවසුවා.

ඔහු මේ බව සඳහන් කළේ විශ්‍රාමික පොලිස් සාමුහිකයේ ජාතික සමුළුව අමතමින්.

එම සමුළුවේදී යුක්තිය දීමට වෙනුවෙන් සටන් කළ ස්වාධීන නිලධාරීන්ට මර්දනය කළ ආකාරය ගැන ආන්දෝලනාත්මක හෙළිදරව් ගණනාවක් සිදු කර තිබෙනවා.

Latest News

More like this

පරාජය වුණේ අයවැය නෙවෙයි.. හෘද සාක්ෂිය.. කොළඹ පුරපතිනිය කියයි..

පරාජය වුණු කොළඹට මාළිමාවෙන් තවත් අයවැයක්? කොළඹ මහ නගර සභාවේ...

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...

ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන්ට මිලියන 25 දක්වා ණයක්

2026 වසරේ රජයෙන් ලබා දෙන සහන පොලී ණය ක්‍රමය...