මට කිසිම තර්ජනයක් නෑ.. – පාර්ලිමේන්තුවේ කළ හර්ෂගේ ප්‍රකාශය වෙනස් වේ

විමර්ශනයක අවශ්‍යතාවය ප්‍රතික්ෂේප කරමින් තම ජීවිතයට තර්ජනයක් නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා දන්වා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පාර්ලිමේන්තුවේ කථානායකවරයාට දන්වා තිබෙනවා.

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වාට එල්ල වූ බව කියන තර්ජන සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පසුගිය දා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට උපදෙස් දී තිබුණා.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා එම උපදෙස් ලබා දී තිබුණේ වීසා නිකුත් කිරීමේ ක්‍රමයේ මතභේදය පිළිබඳ විමර්ශනය සම්බන්ධයෙන් තමාට තර්ජන එල්ල වූ බවට පාර්ලිමේන්තුවේ දී රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) සභාපතිවරයා ලෙස ඔහු කරන ලද ප්‍රකාශයකින් පසුවයි.

ඒ අනුව හර්ෂ ද සිල්වා මහතාට තර්ජන එල්ල වූ බවට පසුගියදා කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අදහස් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුට දන්වා තිබෙනවා.

කෙසේ වෙතත්, මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ස්තූතිය පුදකරමින් ඔහු පෙන්වා දුන්නේ තමන් සිදුකළ ප්‍රකාශය පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ බවත්, තමාට ජීවිත තර්ජනයක් නොමැති බවට කථානායකවරයාට සහතික වූ බවයි.

විමර්ශනයක් අවශ්‍ය නොවන බවත් අවශ්‍ය නම් දැනුම් දෙන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළ බව පොලිසිය සඳහන් කර තිබෙනවා.

Latest News

More like this

පරාජය වුණේ අයවැය නෙවෙයි.. හෘද සාක්ෂිය.. කොළඹ පුරපතිනිය කියයි..

පරාජය වුණු කොළඹට මාළිමාවෙන් තවත් අයවැයක්? කොළඹ මහ නගර සභාවේ...

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...

ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන්ට මිලියන 25 දක්වා ණයක්

2026 වසරේ රජයෙන් ලබා දෙන සහන පොලී ණය ක්‍රමය...