උපාධි උත්සවය පෙනි පෙනී ජපුර සිසුවියට ජීවිතය අහිමි වේ

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක වන 26 හැවිරිදි තරුණියක් ඇගේ සුරතල් බලු පැටවා ද සමඟ අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමු දී තිබෙනවා.

ඒ කොළඹ – නුවර මාර්ගයේ කෑගල්ල මංගලගම ප්‍රදේශයේදී පසුගිය 08 වැනි දා සිදුවූ රිය අනතුරකින්.

එලෙස මියගොස් ඇත්තේ රඹුක්කන, කුඩාගම, පොල්අට්ටාපිටිය පදිංචිව සිටි සනුරි ඉසුරිකා වික්‍රමසිංහ නමැති ශිෂ්‍යාවක්.මිය යන විට ඇය වසර හතරක විශ්වවිද්‍යාලයේ අවසන් කාලසීමාව ගත කරමින් එළැඹෙන සැප්තැම්බර් මාසයේ උපාධිය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් පසු වුණා.

ඇය සමග ත්‍රිරෝද රථයේ ගමන් කළ ඇයගේ බාල සොහොයුරෙක් හා තවත් ඥාති සොහොයුරෙක් අනතුරින් තුවාල ලබා මේ වනවිට කෑගල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මියගිය ශිෂ්‍යාව සිය නිවසේ ඇති කළ බලු පැටවාට ප්‍රතිකාර ලබාගැනීම සඳහා පේරාදෙණිය ප්‍රදේශයට ගොස් ආපසු එමින් සිටියදී ඔවුන් ගමන් කළ ත්‍රිරෝද රථය ටිපර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

ටිපර් රථයේ රියදුරු පෙරේදා (08දා) කෑගල්ල වැඩබලන මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර අනතුර පිළිබඳව වැඩිදුර පරීක්ෂණය කෑගල්ල මූලස්ථාන පොලිසිය විසින් සිදු කරනු ලබනවා.

Latest News

More like this

පරාජය වුණේ අයවැය නෙවෙයි.. හෘද සාක්ෂිය.. කොළඹ පුරපතිනිය කියයි..

පරාජය වුණු කොළඹට මාළිමාවෙන් තවත් අයවැයක්? කොළඹ මහ නගර සභාවේ...

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...

ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන්ට මිලියන 25 දක්වා ණයක්

2026 වසරේ රජයෙන් ලබා දෙන සහන පොලී ණය ක්‍රමය...