අන්තර්ජාලය ඔස්සේ සජීවී ලිංගික දර්ශන සඳහා කතුන් යොදාගත් යුවළක් මාට්ටු

තරුණ තරුණියන්ට රැකියා ලබාදෙන බවට ෆේස්බුක් ඔස්සේ ප්‍රචාරය කරමින් නුගේගොඩ මිරිහාන ප්‍රදේශයට ගෙන්වා ගෙන බලහත්කාරයෙන් ඔවුන් අන්තර්ජාලය ඔස්සේ සජීවී ලිංගික ක්‍රියා සඳහා යෙදවූ සහ එම දසුන් අන්තර්ජාලයේ විවිධ වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය කරනු ලැබූ යුවළක් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ජාවාරම ඔස්සේ මොවුන් කෝටි ගණන් මුදල් උපයා ඇති අතර එම වැටලීම සිදු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසූයේ සැකකාර යුවළ මෙවැනි ක්‍රියා මගින් දිනකට රු. ලක්ෂයක පමණ මුදලක් උපයා ඇති බවයි.

රැකියාවක් බලාපොරොත්තුවෙන් මෙම ස්ථානයට පැමිණි 24 හැවිරිදි තරුණියක සහ 34 හැවිරිදි තරුණියක කාමරයකට දමා වැඩි මුදලක් ලබාදෙන බව පවසා ඔවුන් දෙදෙනාට අශෝභන අයුරින් හැසිරෙන ලෙස මෙම යුවළ උපදෙස් දී තිබෙනවා.

මෙම කාන්තාවන් දෙදෙනා පොලිසියට පවසා ඇත්තේ නුගේගොඩ, පාගොඩ, දේවාල පාරේ පිහිටි එම නිවසේ තමන්ව සිර කරගෙන විවිධ ලිංගික ක්‍රියාකාරකම් සිදු කිරීමට සලස්වා එහි වීඩියෝ දර්ශන සජීවීව අන්තර්ජාලය හරහා බෙදා හැර ඇති බවයි.

මෙම ස්ථානයට පැමිණ ලිංගික ක්‍රියා සජීවීව සිදු කර මුදල් උපයන තරුණියන් සහ කාන්තාවන් 20 කට වැඩි පිරිසක් සිටින බවයි පොලිසිය පවසන්නේ.

කුලියාපිටිය සහ බදුල්ලේ සිට පැමිණි මෙම තරුණියන් දෙදෙනා මේ බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කිරීමෙන් පසුව පොලිසිය එම ස්ථානය වැටලීමේදී එම කාමරයේ තිබී උපත් පාලන කොපු, මත්ද්‍රව්‍ය, ගංජා, කාන්තා යට ඇඳුම්, විවිධ පුද්ගලයන්ගේ හැඳුනුම්පත්, බැංකු කාඩ්පත්, දේශීය විදේශීය මුදල් ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක, කාන්තාවන්ග්ගේ පුද්ගලික තොරතුරු ඇතුළත් ගිවිසුම් ආදී භාණ්ඩ රැසක් හමුවී තිබෙනවා.

මේ වන විට අනාවරණය කර ගෙන ඇති පරිදි මෙම ජාවාරම පවත්වාගෙන ගිය පුද්ග්ලයා අහංගම ප්‍රදේශයේ පදිංචි අවිවාහකයෙක් තැනැත්තකු වන අතර කාන්තාව ගාල්ල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි එක් දරු මවක් බව පොලිසිය පවසනවා.

Latest News

More like this

දිට්වා ගැන ඉන්දීය කාලගුණ අංශ පූර්ව අනතුරු ඇඟවුම් කළ බව ජ්‍යාත්‍යන්තර මාධ්‍ය රැසක් තහවුරු කරයි

දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් ශ්‍රි ලංකාවේ කාලගුණ අංශ මෙන්ම...

විපතක දී ඉතිහාසයේ ගෙවූ දැවැන්තම වන්දිය ජනපති අනුරගෙන්

ස්වභාවික ආපදාවකදී මෙතෙක් ඉතිහාසයේ රජයක් ලබා දුන් දැවැන්තම වන්දි...

හෙලිකොප්ටරයෙන් ගොඩ බැස්සේ 2029 පොදු අපේක්ක්ෂයා ද?

ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙකු වන 'දිනේෂ් මුතුගල සර්' ආපදාවන්ට ලක්...

දහස් ගණනකගේ කුසගිනි නිවූ විජේරාමේ ප‍්‍රජා මුළුතැන්ගෙය..

විජේරාමේ ප‍්‍රජා මුළුතැන්ගෙය කියන්නේ රටම ආපදාවට පත් වුණාට පස්සේ...