ජනපතිගේ වියදමට තවත් රුපියල් කෝටි 875ක්

ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය වෙනුවෙන් තවත් අමතරව රුපියල් කෝටි 875ක පරිපූරක මුදලක් ගෙවිය යුතු බවට වූ යෝජනාවක් මේ වන විට පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති බව වාර්තා වෙනවා.

පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා මෙම යෝජනාව ලබන 18 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම වර්ෂයේ දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වන මුදල් වර්ෂයේ ප්‍රයෝජනය සඳහා රජයේ ඒකාබද්ධ අරමුදලෙන් හෝ රජයට අයත් අනෙකුත් ඕනෑම අරමුදලකින් හෝ මුදලකින් හෝ රජය ගන්නා ඕනෑම ණය මුදලකින් හෝ මෙම මුදල ගෙවිය යුතු බවටයි එම යෝජනාවේ සඳහන් වෙනවා.

මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේද අනුමැතිය ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ අග්‍රාමාත්‍ය රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසිනි.

Latest News

More like this

රන් මල්ලිගේ කෝටි 400ක අයිස් කිරින්ද අඳගල වැල්ලෙන් අල්ලයි

තිස්සමහාරාම කිරින්ද අඳගල වැල්ලේදී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 400කට...

තායි රාජා සහ කණ්ඩුල ගැන හොයා බලන්න තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලංකාවට

තායිලන්තයෙන් රාජ්‍ය තාන්ත්‍රික සංකේත ලෙස මෙරටට පරිත්‍යාග කළ ඇතුන්...

ඩේසි ආච්චිට ඩිමෙන්ෂියා..! යෝශිතට එරෙහි නඩුව විසිවෙයිද ?

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා එල්ල වී සිටින...

කාසල් රෝහලේ දෙබිඩි දරු උපතක්

කාසල් වීදියේ කාන්තා රෝහලේ දෙබිඩි දරු උපතක් සිදුව ඇති...
error: Content is protected !!