න්‍යෂ්ටික බලාගාර හදා ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලය අල්ලන්න චීනය ලහි ලහියේ වැඩ : තවත් රටවල් ගාණක් ඇහැ ගහගෙන

න්‍යෂ්ටික බලශක්ති උත්පාදනය නියාමනය කිරීම සඳහා රජය නීති සම්පාදනය කරමින් සිටින පසුබිමක සහ ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය (SLAEB) අනාගත ආයෝජකයින් කැඳවීමට සුදානමින් සිටින අතරේ චීන ජාතික න්‍යෂ්ටික සංස්ථාව (CNNC)නුදුරේදීම මෙරට න්‍යෂ්ටික බලාගාරයක් සඳහා ආයෝජනය කිරීමට ගවේෂණය කරන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

රට තුළ න්‍යෂ්ටික බලාගාරයක් සඳහා යෝජනා ඉදිරිපත් කළ සංවිධාන අතර CNNC ඉදිරියෙන්ම සිටියි. රුසියාවේ Rosatom, ප්‍රංශයේ electricite de France (EDF) සහ ඩෙන්මාර්කයේ Seaborg විසින් ද ඒ සඳහා යෝජනා ඉදිරිපත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මෑතකදී, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිතායතනයේ (IAEA) විශේෂඥ කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ ප්‍රථම න්‍යෂ්ටික බලාගාරය ඉදිකිරීමට විභව ස්ථාන හඳුනා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ තෝරා ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳ දින හතක ආරක්ෂක සමාලෝචනයක් ද සිදු කරනු ලැබුවා.

එහි ප්‍රගතිය පිළිබඳව අදහස් දක්වමින් SLAEB මහාචාර්ය S. R. D. රෝසා පැවසුවේ, න්‍යෂ්ටික බලශක්ති උත්පාදනය නියාමනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ යෝජිත නීතියේ පරිණාමය සඳහා ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිතායතන සමඟ සම්බන්ධ වීමට නීති විශේෂඥයින් කණ්ඩායමක් ඊයේ (09) ශ්‍රී ලංකාවෙන් ඔස්ට්‍රියාවේ වියානා නුවර බලා පිටත්ව ගිය බවයි.

ඇමරිකාවේ Ultra Safe Nuclear Corporation of the US (USNC) සහ කැනඩාවේ Atomic Energy of Canada Ltd (AECL)සමාගම් ද ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට උනන්දුවක් දක්වන තවත් අය අතර සිටින බව වැඩිදුරටත් සඳහන් වෙනවා.

මීට පෙර රුසියාවේ Rosatom යෝජනා ඉදිරිපත් කළ අතර කල්පිටියේ සිට කිලෝමීටර් 207ක් පමණ දුරින් පිහිටි බංග්ලාදේශයේ සහ ඉන්දියාවේ කූඩන්කුලම් හි රුසියාව න්‍යෂ්ටික බලාගාර දෙකක් ක්‍රියාත්මක කර තිබෙනවා

Latest News

More like this

රන් මල්ලිගේ කෝටි 400ක අයිස් කිරින්ද අඳගල වැල්ලෙන් අල්ලයි

තිස්සමහාරාම කිරින්ද අඳගල වැල්ලේදී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 400කට...

තායි රාජා සහ කණ්ඩුල ගැන හොයා බලන්න තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලංකාවට

තායිලන්තයෙන් රාජ්‍ය තාන්ත්‍රික සංකේත ලෙස මෙරටට පරිත්‍යාග කළ ඇතුන්...

ඩේසි ආච්චිට ඩිමෙන්ෂියා..! යෝශිතට එරෙහි නඩුව විසිවෙයිද ?

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා එල්ල වී සිටින...

කාසල් රෝහලේ දෙබිඩි දරු උපතක්

කාසල් වීදියේ කාන්තා රෝහලේ දෙබිඩි දරු උපතක් සිදුව ඇති...
error: Content is protected !!