හමාස් පහර දුන් සංගීත ප්‍රසංගයේ ‘මාව මරන්න එපා’ කියමින් කෑ ගැසූ වීඩියෝවල සිටි තරුණිය බේරාගනී – දවස් 245 කින් ඉර එළිය දැකලාවත් නෑ

මේ වන විට ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ඇවිළ යන බිහිසුණු යුද්ධයට ආසන්නතම හේතුව ඔක්තෝබර් 07 වෙනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට කළ පහරදීම සහ පැහැර ගැනීම්වලදී හමාස් හි ප්‍රාණ ඇපයට පත් වූ Noa Argamani නම් ඊශ්‍රායල තරුණිය මෑතකදී විශේෂ බලකායක් විසින් ගලවා ගනු ලැබුවා.

එම අවස්ථාවේ ප්‍රහාරයක් එල්ල වුණු සංගීත ප්‍රසංගයේ දී ඇය පැහැර ගන්නා විට ‘මාව මරන්න එපා’ යනුවෙන් කෑගසන වීඩියෝවක් නිකුත් වීමත් සමඟ ඇය ඔක්තෝබර් 7 වනදා සමූල ඝාතනයේ මුහුණුවර බවට පත් වුණා.

එම බියකරු සිදුවීම පිළිබඳ මතකය අවදි කරමින් Noa Argamani හෙළි කළේ ගාසා ඇය බේරා ගැනීමට පෙර දින 245 ක් දිවා ආලෝකය නොදුටු බවයි.

26 හැවිරිදි Noa පසුගිය සෙනසුරාදා සිය පවුල සමඟ නැවත එක් වීම සුවිශේෂී සිදුවීමක් වුණා.

එහෙත් මෙම ගලවා ගැනීමේ මෙහෙයුම්වලදී මියයන අනෙකුත් සිවිල් වැසියන් පිළිබඳ බරපතල කණස්සල්ලක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය කියා සිටියේ එම මෙහෙයුම්වලින් පුද්ගලයින් 274 ක් මිය ගොස් 698 ක් තුවාල ලැබූ බවයි.

මෙයින් කී දෙනෙක් සිවිල් වැසියන් ද යන්න පැහැදිලි නැතත්, නුසෙයිරාත් ප්‍රදේශයේ වැටලීමේදී වෙඩි හුවමාරුවකින් පසු වීදිවල මියගිය සහ තුවාල ලැබූ කාන්තාවන් සහ ළමයින් විශාල සංඛ්‍යාවක් පෙන්නුම් කරන ඡායාරූප වාර්තා වී තිබෙනවා.

Latest News

More like this

අනවසර ඉදිකිරීම් සඳහා කිසිම ඉඩක් නැහැ.. නීති දැඩි කිරීමට ජනපතිගෙන් උපදෙස්

අනවසර ඉදිකිරීම් සඳහා අනාගතයේදී කිසිදු ඉඩක් ලබා නොදෙන බවත්,...

කුණාටුව එන බව දැනගෙන සැඟවූ විපක්ෂයටත් නඩු..

නොවැම්බර් මස 12 වැනි දින කාලගුණ අංශ විසින් රජයට...

නාය යෑමේ අවදානමක් ඇති ඉඩම් රජයට පවරා ගනී

නාය යෑම්වලට ලක් වූ ප්‍රදේශ තවදුරටත් අවදානම් බවට තහවුරු...

සුළිකුණාටුවෙන් දරුවන් රැසකට දෙමව්පියන් අහිමිවෙලා

දිට්වා සුළි කුණාටුව සමඟ ඇති වූ නායයෑම් සහ ගංවතුර...