සම්භාහනයක් අතරතුර ඉරාන සංචාරිකාවකට අතවරයක් කරලා

රඹුක්කන ප්‍රදේශයේ ආයුර්වේද ආයතනයක සම්භාහනයක් අතරතුර ඉරාන ජාතික කාන්තාවකට ලිංගික අතවරයක් වූ බවට ලැබුණු පැමිණිල්ලක් අනුව කෑගල්ල පොලිස් ස්ථානය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඇය සංචාරයක් සඳහා පසු ගිය සතියේ ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර පසුගිය 07 වෙනිදා රඹුක්කන ප්‍රදේශයේ පිහිටි ආයුර්වේද පංචකර්ම මධ්‍යස්ථානය වෙත පැමිණ ඇති බවයි ඇය පොලිසිය වෙත පවසා ඇත්තේ.

ප්‍රතිකර්ම කරන අවස්ථාවේ එහි සේවකයකු ඇයට අතවර කර ඇති බවට ඇය පොලිසිය වෙත පැමිණිලි කර තිබෙනවා.

ඒ අනුව එම ආයතනයේ සේවය කළ අවුරුදු 47ක පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන ඊයේ (09) අධිකරණයට ඉදිරිපත් කර ඇති බව පොලිසිය පවසනවා.

Latest News

More like this

අනවසර ඉදිකිරීම් සඳහා කිසිම ඉඩක් නැහැ.. නීති දැඩි කිරීමට ජනපතිගෙන් උපදෙස්

අනවසර ඉදිකිරීම් සඳහා අනාගතයේදී කිසිදු ඉඩක් ලබා නොදෙන බවත්,...

කුණාටුව එන බව දැනගෙන සැඟවූ විපක්ෂයටත් නඩු..

නොවැම්බර් මස 12 වැනි දින කාලගුණ අංශ විසින් රජයට...

නාය යෑමේ අවදානමක් ඇති ඉඩම් රජයට පවරා ගනී

නාය යෑම්වලට ලක් වූ ප්‍රදේශ තවදුරටත් අවදානම් බවට තහවුරු...

සුළිකුණාටුවෙන් දරුවන් රැසකට දෙමව්පියන් අහිමිවෙලා

දිට්වා සුළි කුණාටුව සමඟ ඇති වූ නායයෑම් සහ ගංවතුර...