අඩු කුලේ උන්ට රජ වෙන්න ඉඩ තියන්න එපා – සිරි සමන්ත භද්‍ර හිමි

කුලයෙන් අඩු මිනිසෙකුට නිර්වාණය අවබෝධ කර ගැනීම දුෂ්කර සේම ඔවුන් කිසිවිටකත් රාජ්‍යයත්වයට නුසුදුසු බව සමන්ත භද්‍ර ස්වාමීන් වහනසේ පවසා තිබෙනවා.

අඩු කුලයේ මිනිහෙක් රජ වුවහොත් ග්‍රාමසේවකයෙකු රජ වූ කලක මෙන් මුළු රට ම විනාශ වන බවයි උන්වහන්සේ සඳහන් කරන්නේ.

අඩු කුලයේ මිනිහෙක් රජ වුවහොත් ඔහුට නින්දා කළ ගැරහුම් කළ බොහෝ පාර්ශ්වලට පිළිතුරු දීමට මිස රටේ දියුණුවට වැඩ කිරීමට කාලයක් නැති වී යයි.

රාජ්‍යත්වයට පත්විය යුත්තේ රජ කුලයේ අයකු බවත් ඉතිහාසය කියවා මේ පිළිබඳ ජනතාව අවබෝධ කරගත යුතු බව ද සමන්තභද්‍ර හිමියෝ පවසනවා.

අඩු කුළේ අයකුට නිවන් දැකීම පවා අපහසු බවත් සියල්ල ඇති අයකුට කෙතරම් ලැබුණ ද ඔහුට ක්ෂණික සියල්ල අතහැර දැමිය හැකි බවත් සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළා.

උන්වහන්සේගේ ඉගැන්වීම්වලදී ද නිරන්තරයෙන් පවසන්නේ බුද්ධ ශාසනය කෙදිනක හෝ පවත්වාගෙන යන්නේ ඉහළ කුලවල අය හා ධනපති පන්තිය බවයි.

Latest News

More like this

තායි රාජා සහ කණ්ඩුල ගැන හොයා බලන්න තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලංකාවට

තායිලන්තයෙන් රාජ්‍ය තාන්ත්‍රික සංකේත ලෙස මෙරටට පරිත්‍යාග කළ ඇතුන්...

ඩේසි ආච්චිට ඩිමෙන්ෂියා..! යෝශිතට එරෙහි නඩුව විසිවෙයිද ?

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා එල්ල වී සිටින...

කාසල් රෝහලේ දෙබිඩි දරු උපතක්

කාසල් වීදියේ කාන්තා රෝහලේ දෙබිඩි දරු උපතක් සිදුව ඇති...

NVQ3 මට්ටමේ ස්මාර්ට් වෙල්ඩර් පුහුණු පාඨමාලාවක්

වයස අවුරුදු 18 සම්පූර්ණවු සියලු තරුණ තරුණියන්ට අයදුම් කිරීමට...
error: Content is protected !!