රූපවාහිනී විවාද වැඩසටහනකට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වන බවට ඔහුගේ අත්සන හා ලිපි ශිර්ෂය භාවිත කරමින් ව්‍යාජ ලිපි දෙකක් සමාජ මාධ්‍යවල ප්‍රචාරය වීම සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ (SJB) නීතිඥ සංගමය ඊයේ (10) රහස් පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමගි ජන බලවේගය විසින් අප්‍රේල් 26 වැනි දින එවැනිම පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් සාධාරණ පරීක්‍ෂණයක් බලාපොරොත්තු වන බව එහි නීති උපදේශකවරයන් පවසනවා.
සමාජ මාධ්‍යවල හුවමාරු වූ බව කියන එක් ලිපියක්, පසුගිය සතියේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සමඟ බොහෝ අපේක්ෂාවෙන් සිටි විවාදයකට SJB නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වීම සම්බන්ධයෙනි.
අනුර කුමාර දිසානායක පමණක් සජීවී විකාශනයට සහභාගී වූ අතර, එම වැඩසටහනට සහභාගි වන ලෙස සජිත් ප්‍රේමදාසට කළ ආරාධනය පක්ෂය කිසි විටෙකත් පිළි නොගත් බව SJB ප්‍රකාශ කරයි.
එම පැමිණිල්ලෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ සමගි ජනබලවේගයේ නීතිඥ සංගමයේ නියෝජ්‍ය නීති ලේකම් බුද්ධින් සිරිවර්ධන මහතා මෙසේ ප
“මේ දිනවල අපේ නායක තුමාගේ ව්‍යාජ අත්සන, ව්‍යාජ මුද්‍රාව, ව්‍යාජ ශීර්ෂය සමග ලිපියක් අන්තර්ජාලයේ සංසරණය වෙනවා. ව්‍යාජ ලිපියෙන් අපේ නායකතුමා 06 වැනිදා අයි.ටී.එන්. එකේ තිබුණු විවාදයට එන්න පිළිගන්නවා කියලා කියා තිබෙනවා. හැබැයි එහෙම ලිපියක් කවදාවත් දීලා නැහැ. ඒ ව්‍යාජ ලිපිය ගැන වහාම පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා සී.අයි.ඩී. එකට පැමිණිලි කළා.”