මුළු ලෝකෙම නායකයින්ට අපලයක් : මලාවි උප ජනාධිපති ගමන් ගත් ගුවන් යානයත් අතුරුදන්

මලාවි රාජ්‍යයේ උප ජනාධිපති Saulos Chilima සහ තවත් 9 දෙනෙකු රැගත් ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙනවා.

මලාවි ආරක්ෂක බලකායේ ගුවන් යානය සඳුදා උදෑසන Lilongwe අගනුවරෙන් පිටත් වූ පසු රේඩාර් පද්ධතියෙන් ඉවතට ගොස් ඇතැයි එම නිවේදනයේ දක්වනවා.

ගුවන් යානය රටේ උතුරේ Mzuzu ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩබෑමට නියමිතව තිබූ බව එහි සඳහන් වෙනවා.

ජනාධිපති Lazarus Chakwera මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ සෝදිසි කිරීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුමක් අඛණ්ඩව සිදුවන බවයි.

“සොල්දාදුවන් තවමත් භූමියේ සෝදිසි කිරීම් සිදු කරන අතර යානය සොයා ගන්නා තෙක් මෙහෙයුම දිගටම කරගෙන යා යුතු බවට මම දැඩි නියෝග ලබා දී තිබෙනවා.” එය “හදවත කම්පා කරවන තත්වයක්” බව ඔහු පවසා තිබෙනවා.

ජනාධිපතිවරයා සඳුදා සවස සැලසුම් කර තිබූ බහමාස් වෙත ඔහුගේ ගුවන් ගමන ද අවලංගු කර ඇති බවයි වාර්තා වන්නේ.

Latest News

More like this

‘දිට්වා’ විනාශය සුනාමියට වඩා දසගුණයකින් වැඩියි

'දිට්වා’ සුළි කුණාටුවෙන් රටට සිදු වූ ආර්ථික අලාභය 2004...

දිට්වා ගැන ඉන්දීය කාලගුණ අංශ පූර්ව අනතුරු ඇඟවුම් කළ බව ජ්‍යාත්‍යන්තර මාධ්‍ය රැසක් තහවුරු කරයි

දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් ශ්‍රි ලංකාවේ කාලගුණ අංශ මෙන්ම...

විපතක දී ඉතිහාසයේ ගෙවූ දැවැන්තම වන්දිය ජනපති අනුරගෙන්

ස්වභාවික ආපදාවකදී මෙතෙක් ඉතිහාසයේ රජයක් ලබා දුන් දැවැන්තම වන්දි...

හෙලිකොප්ටරයෙන් ගොඩ බැස්සේ 2029 පොදු අපේක්ක්ෂයා ද?

ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙකු වන 'දිනේෂ් මුතුගල සර්' ආපදාවන්ට ලක්...