ශ්‍රී ලංකාව හා නේපාලය අතර සටන : විස්සයි20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා පිළේ අල්ප මාත්‍ර බලාපොරොතුවටත් දැඩි බාධා රැසක්

ෆ්ලොරිඩාවේ ලෝඩ් හිල් වෙත ඇද හැලෙන අධික වර්ෂාවෙන් ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (12) උදෑසන 5.00 ට ආරම්භ වන ශ්‍රී ලංකාව හා නේපාලය අතර විස්සයි20 තරගයට බාධා විය හැකි බව ක්‍රීඩා විචාරකයින් පවසනවා.

ෆ්ලොරීඩා හි කාලගුණික වාර්තා අද රාත්‍රිය පුරාවට ගිගුරුම් සහිත වැසි පුරෝකථනය කර තිබීම ඊට හේතුවයි.

තරගය සඳහා ශ්‍රී ලංකාවේ අවසන් සූදානමට ද වැස්සෙන් බාධා එල්ල වූ බව වාර්තා වෙනවා. සඳුදා ඔවුන්ගේ පුහුණු සැසියට වර්ෂාවෙන් දැඩි බාධා එල්ල වුණා.

බංගලාදේශයට එරෙහිව කඩුලු 2 කින් සහ දකුණු අප්‍රිකාවට එරෙහිව කඩුලු 6 කින් ආරම්භක කණ්ඩායම් තරග දෙකම පරාජයට පත්වීමෙන් ශ්‍රී ලංකාව පීඩනයට ලක්ව සිටින අතර නේපාලයට එරෙහි තරගය ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමේ අධිෂ්ඨානය වන නමුත් නෙදර්ලන්තයට එරෙහිව ලෝක කුසලානයේ පළමු තරගයෙන් පරාජය වී සිටින නේපාලයට ද මෙම තරගය ජයග්‍රහණය තීරණාත්මක බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ.

මෙම පරාජයන් හමුවේ ශ්‍රී ලංකාව D කාණ්ඩයේ පහළම තැනට පත් කර ඇති අතර සුපිරි අට වටයට පිවිසීමට අවස්ථාව ලබා ගැනීමට නම් ඉතිරි තරග දෙකම ජයග්‍රහණය කිරීමේ අවශ්‍යතාව පවතී.

Latest News

More like this

අපේ ක්‍රීඩකයින් පාකිස්තානයේදී ගත් තීරණය පිටුපස තුන්වැනි පාර්ශවයක්

පාකිස්ථාන තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක්...

ඉන්දික ගමගේ ඩුබායි T100 Dubai 2025 තරගයේ ලෝකඩ පදක්කම දිනාගනී

පසුගියදා ඩුබායි හි පැවති 2025 - ඩුබායි T100 Traithlon...

බෙල්ජිම් මැරතන් තරගයේ දී ශ්‍රී ලංකාවේ JOYSON JAFFRY දක්ෂතා අතරට

2025 Brussels Airport Marathon - අර්ධ මැරතන් ධාවන තරගයේ...

LPL: ‘දඹුල්ල තන්ඩර්ස්’ කණ්ඩායමේ හිමිකරුට අධි චෝදනා

ඉකුත් වසරේ පැවති LPL ක්‍රිකට් තරගාවලියේදී එම තරගාවලියට සහභාගි...