පාලිකාවගේ අනුදැනුම මත මහනුවර ළමා නිවාසයේ දී අතවර වූ බව කියන දැරිය ගැන පොලිසිය කියන කතාව

මහ­නු­වර වෙල­ම්බඩ ප්‍රදේ­ශයේ ළමා නිවා­ස­ය­කදී එහි පාලි­කා­වගේ අනු­දැ­නුම මත තමන් ලිංගික අප­යෝ­ජ­න­යට ලක්වූ බව කියන දැරියක් මඩා­ටු­ගම පොලි­සි­යට කරන ලද පැමි­ණිල්ල සැක සහිත බව පොලිසිය පවසනවා.

වයස අවුරුදු 17 ක පසුවන දැරිය සිදු කරන ප්‍රකාශය අසත්‍ය බව සැක කරන පොලිසිය පවසන්නේ ඇය අවු­රුදු 23ක විවා­හක පුද්ග­ල­යෙකු සමඟ ප්‍රේම සම්බ­න්ධ­යක් ඇති­කර ගෙන ඔහු සමඟ පැන­ගොස් කොළඹ ප්‍රදේ­ශයේ රැඳී සිට ඇති බව අනාවරණය කරගත් බවයි.

එමෙන්ම මෙම දැරිය යහපත් මානසික තත්ත්වයක පසු නොවන බවත් මෙම දැරිය ළමා නිවා­සයේ රැඳී සිටි­යදී අනෙ­කුත් රැද­වි­යන්ට හා පාලි­කා­වන්ට පහ­ර­දීම් සිදු­කර ඇති බව­ටත් ඔවුන්ගේ ඇඳුම් ඉරා දම­මින් හැසිරී ඇති බව­ට කරුණු අනාවරණය කරගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඇය එම ස්ථානයේ දේපො­ළ­ව­ල­ටද හානි සිදු­කර තිබෙන බව ළමා නිවාස ලිපි­ගොනු පරි­ක්ෂා­වේදී හෙළිවී තිබෙනවා.

මෙම දැරිය මාන­සික රෝගී තත්ත්ව­ය­කට ප්‍රති­කාර ගෙන තිබෙන අතර ඇය කිහිප අව­ස්ථා­වක් ළමා නිවා­ස­යෙන් පැන­යා­මට උත්සා­හ­කර ඇති බව ද පොලිසිය පවසනවා.

නිසි භාර­කා­ර­ත්ව­යක් නොමැ­ති­වීම මත දඹුල්ල අධි­ක­ර­ණය මඟින් පසු­ගිය පෙබ­ර­වාරි මස 24 වැනි දින ඇයව අදාළ ළමා නිවා­ස­යට යොමු කර ඇති බව වැඩිදුරටත් සඳහන් වී තිබෙනවා.

Latest News

error: Content is protected !!