ජනපති ධුර කාලය දීර්ඝ කර ගැනීම පිටුපස සමගි ජන බලවේගයේ කණ්ඩායමක් – අපට ඕනේ ආණ්ඩුවක ඉන්න කියලත් රනිල්ට කියලා

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ඇති බවට තර්කයක් ගොඩ නඟමින් ජනාධිපති ධුර කාලය හා පාර්ලිමේන්තු ධුර කාලය දීර්ඝ කිරීමට රජය මේ වන විට උත්සහයක නිරත වන අතර ඒ සඳහා සමගි ජන බලවේගයෙන් ආණ්ඩුවට එක් වීමට යන කණ්ඩායමක දැඩි බලපෑමක් ද ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එම ආරංචි මාර්ගවලට අනුව ඒ සඳහා වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ සමගි ජන බලවේගයෙන් ආණ්ඩුවට එක් වීමට බලාගෙන සිටින කණ්ඩායමෙනි.

ඊට හේතුව වන්නේ සමගි ජන බලවේගයේ එම කණ්ඩායම මේ වන විට කෙසේ හෝ ආණ්ඩු බලය ලබා ගත යුතුය යන ස්ථාවරයක සිටීමයි. ඔවුන් සිටින්නේ තවදුරටත් විපක්ෂය නියෝජනය කළ නොහැකි බවත් කෙසේ හෝ ආණ්ඩු බලය ලබා ගත යුතුය යන ස්ථාවරයේය.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයක දී සජිත් ප්‍රේමදාස හෝ රනිල් වික්‍රමසිංහට ජයග්‍රහණයට ඇති සම්භාවිතාව ඉතාම සීමිත බැවින් කෙසේ හෝ තව වසරකින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඔහුගේ ධුරකාලය දීර්ඝ කරගන්නේ නම් පමණක් මෙම කණ්ඩායම ආණ්ඩුවට එක්වන බවට කොන්දේසියක් ඉදිරිපත් කර ඇති බවයි තතුදත් විශ්ලේෂකයන් පවසන්නේ.

ජනාධිපතිවරයා වෙත පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වය ලබා දෙන්නේ සමගි ජන බලයෙන් 20 කට වැඩි කණ්ඩායමක් පැමිණියොත් පමණක් බවට පොදු ජන පෙරමුණෙන් ද කොන්දේසියක් දැමීම තුළ ඉදිරි ජනාධිපතිවරණයකට තරග කිරීමට නම් සමගි ජන බලවේගයේ කකුලක් එහි හා ඉතිරි කකුල ආණ්ඩුවේ තබාගෙන සිටින පිරිසගේ සහාය රනිල්ට තීරණාත්මක වී තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සිය ධුර කාලය වසරකින් දීර්ඝ කර ගැනීම සඳහා ඇති ඉඩකඩ පිළිබඳ නීතිපතිවරයා විමසීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත්තේ ඒ අනුවයි.

කෙසේ වෙතත් නීති විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයාට සිය ධුරකාලය එක් දිනකින් හෝ දීර්ඝ කර ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අවකාශය නොමැති බවයි.

Latest News

More like this

ජනපති අපනයන ක්ෂේත්‍රයේ පාර්ශවකරුන් හමුවෙයි

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් එරටට ආනයනය කරනු ලබන...

SLIIT මගඩිය ගැන මෛත්‍රී, රනිල් ඇතුළු යහපාලන කැබිනට් මණ්ඩලයටම චෝදනා

මහපොළ ශිෂ්‍යත්ව අරමුදල යටතේ ඇති ආයතනයක් වන SLIIT ආයතනයට...

හෂාන් තිලකරත්නගේ බිරිඳ අප්සාරි නිතී විරෝධී වැඩක් කරයි

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න මහතාගේ බිරිඳවන...

සාරා ජීවතුන් අතර බවට ප්‍රබල සැකයක්… පිල්ලෙයාන් ප්‍රහාරය කලින්ම දැන සිටියා.. පාස්කු පරීක්ෂණ අලුත් වෙන හැටි මෙන්න

හිටපු රාජ්‍ය අමා­ත්‍ය­ව­ර­යකු මෙන්ම ටී.එම්.වී.පී. සංවි­ධා­නයේ නායක සහ නැඟෙ­න­හිර...
error: Content is protected !!