විකිපීඩියා හි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලොන්තයෝ ලෙස වෙනස් වෙයි

විස්සයි විස්ස ලෝක කුසලන තරගාවලියට සහභාගී වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම අසාර්ථක වීම හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවට දැඩි ලෙස ආදරය කරන ශ්‍රී ලාංකිකයන් කළකිරීමට පත් වී සිටින අතර දැඩි විවේචන එල්ල කරමින් සිටිනවා.

ඔවුන් සමාජ ජාල ඔස්සේ ක්‍රිකට් කණ්ඩායමත්, ක්‍රිකට් පරිපාලනයටත් දැඩි ලෙස දෝෂාරෝපණය එල්ල කරමින්
ලෝ ප‍්‍රකට විකිපීඩියා වෙබ් අඩවියේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිටුවේ ‍ශ‍්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කෙටි නාමය ලෙස ‘ලොන්තයෝ’ ලෙස සඳහන් කර තිබෙනවා.

මෙලෙස ඇතුළත් කර ඇත්තේ විකිපීඩියා හි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විස්තර ඇතුළත් පිටුවෙහි Nick Name යන ස්ථානයේයි.

විකිපිඩියා වෙබ් අඩවිය ඕනෑම පුද්ගලයකුට සංස්කරණය කළ හැකි අතර මෙම සංස්කරණයද බොහෝ දුරට කෝපයට පත් ක්‍රිකට් ලෝලියෙකු විසින් කරන්නට ඇති බවයි අනුමාන කරන්නේ.

ශ්‍රී ලංකා කණ්ඩායම ආරම්භක වටයේ මුල් තරග දෙකම පරාජයට පත් වූ අතර හෙට නේපාලය සමඟ තරග වැදීමට නියමිතයි.

Latest News

More like this

අපේ ක්‍රීඩකයින් පාකිස්තානයේදී ගත් තීරණය පිටුපස තුන්වැනි පාර්ශවයක්

පාකිස්ථාන තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක්...

ඉන්දික ගමගේ ඩුබායි T100 Dubai 2025 තරගයේ ලෝකඩ පදක්කම දිනාගනී

පසුගියදා ඩුබායි හි පැවති 2025 - ඩුබායි T100 Traithlon...

බෙල්ජිම් මැරතන් තරගයේ දී ශ්‍රී ලංකාවේ JOYSON JAFFRY දක්ෂතා අතරට

2025 Brussels Airport Marathon - අර්ධ මැරතන් ධාවන තරගයේ...

LPL: ‘දඹුල්ල තන්ඩර්ස්’ කණ්ඩායමේ හිමිකරුට අධි චෝදනා

ඉකුත් වසරේ පැවති LPL ක්‍රිකට් තරගාවලියේදී එම තරගාවලියට සහභාගි...