ශ්‍රී ලංකා ක්‍රිකට් බේරගන්න වැස්සක් ඇද හැලේ

ස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නේපාලය අතර තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට තරග සංවිධායකයින් තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 5ට තරගය ආරම්භ වීමට නියමිතව තිබුණත් මේ දක්වා තරගයේ කාසියේ වාසිය උරගා බැලීමට හෝ අවස්ථාවක් හිමිව තිබුණේ නැහැ.

හේතුවෙන් තරගය පැවැත්වීම්ට නියමිතව තිබූ ෆ්ලොරීඩාහි ලෝඩර්හිල් අවට ගංවතුර තත්ත්වයක් උද්ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණු 1 බැගින් ලබාදීමට තරග තීරකවරුන් තීරණය කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව සුපිරි අට තරගයෙන් නිසැකව ම ඉවත් වී ඇති අතර නේපාලයට සුදුසුකම් ලැබීමේ අවස්ථාවට ද පහරක් එල්ල වන බව විචාරකයන් පවසා තිබෙනවා.

Latest News

More like this

අපේ ක්‍රීඩකයින් පාකිස්තානයේදී ගත් තීරණය පිටුපස තුන්වැනි පාර්ශවයක්

පාකිස්ථාන තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක්...

ඉන්දික ගමගේ ඩුබායි T100 Dubai 2025 තරගයේ ලෝකඩ පදක්කම දිනාගනී

පසුගියදා ඩුබායි හි පැවති 2025 - ඩුබායි T100 Traithlon...

බෙල්ජිම් මැරතන් තරගයේ දී ශ්‍රී ලංකාවේ JOYSON JAFFRY දක්ෂතා අතරට

2025 Brussels Airport Marathon - අර්ධ මැරතන් ධාවන තරගයේ...

LPL: ‘දඹුල්ල තන්ඩර්ස්’ කණ්ඩායමේ හිමිකරුට අධි චෝදනා

ඉකුත් වසරේ පැවති LPL ක්‍රිකට් තරගාවලියේදී එම තරගාවලියට සහභාගි...