ඔන්ලයින් කැසිනෝ හැකි ඉක්මණින් නීතිගත කරන්න – හර්ෂ ද සිල්වා මුදල් ඇමතිට දන්වයි

ඔන්ලයින් කැසිනෝ පවත්වාගෙන යාමට නීතිමය තත්ත්වයක් නොපවතින තත්ත්වයක ඒ පිළිබඳ නොතකා රටට ලැබිය යුතු ආදායම අහිමි කරමින් ඔන්ලයින් කැසිනෝ විවෘතව ක්‍රියාත්මක වන බවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කඩිනමින් අවධානය යොමු කරනලෙස ඉල්ලීමක් කරමින් මුදල් අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කිරීමට තමන් කටයුතු කරන බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා මහතා පවසා තිබෙනවා.

ඔහු මේ බව සඳහන් කළේ පසුගියදා (06) රජයේ මුදල් පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී යි.

කැසිනෝ ඇතුළු සූදු ව්‍යාපාරවලින් අය විය යුතු හිඟ බදු අය කර ගැනීමට හා මෙවැනි ව්‍යාපාර සඳහා විදේශ ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමට ඉතාමත් වැදගත් වන නියාමන අධිකාරියක් පිහිටුවීමට අවශ්‍ය නීති සම්මත කර ගැනීමට කඩිනම් කටයුතු යොදන ලෙස සහ එය තවදුරටත් පමා නොකරන ලෙස සභාපතිවරයා පැමිණ සිටි නිලධාරීන් වෙත මෙහි දී උපදෙස් ලබා දී තිබෙනවා.

Latest News

More like this

චිත්‍රපට හදන්න ලංකාවට එන්න.. විජිතගෙන් ඉන්දියාවට ආරාධනාවක්

ඉන්දීය ආයෝජකයින්ට සහ චිත්‍රපට නිෂ්පාදකයින්ට සංචාරක ව්‍යාපෘති සහ චිත්‍රපට...

රාජ්‍ය බැංකු දෙකක් ප්‍රතිව්‍යුහගත කරයි

ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව (Housing Development...

වාහන සඳහා උපරිම ණය සීමාව සංශෝධනය වේ

මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම්, ලියාපදිංචි මූල්‍ය...