කැලිෆෝනියාවේ මුණුපුරන් නැතුව චාල්ස් රජු පාළුවෙන්

හැරී සහ මේගන් බ්‍රිතාන්‍ය රජ පවුල හැර ගොස් වසර හතරක් ඉකුත් වී ඇති අතර මේ වන විට බ්‍රිතාන්‍යයේ රජ කිරුළ දරන චාල්ස් රජතුමා ඒ පිළිබඳ තව දුරටත් කණස්සල්ලෙන් පසුවන බව මාධ්‍ය වාර්තා පවසනවා.

විශේෂයෙන් හැරීගේ දරුවන් දෙදෙනා, ඔහුගේ මුණුබුරන් වන ආචී සහ ලිලිබෙට් ගේ සුරතල් බැලීමටත් ඔවුන් සමඟ කාලය ගත කිරීමට අවශ්‍ය බවත් දන්වා ඇතැයි බකිංහැම් මාළිගයේ ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.

හැරීගේ නික්ම යාමෙන් පසු ඔවුන් අවස්ථා කිහිපයක දී පමණක් මුණ ගැසී අතර දුරකථන ඇමතුම් ඉඳහිට වීඩියෝ ඇමතුම් හරහා පමණක් ඔවුන් චාල්ස් රජු සමඟ සීමිත සන්නිවේදනයක් පවත්වා ඇතැයි වාර්තා පවසනවා.

නමුත් රජුට අවශ්‍ය වී ඇත්තේ ඔවුන් සමඟ ඊට එහා ගිය ගැඹුරු බැඳීමක්.

රාජකීය විචාරක මයිකල් කෝල් පවසන්නේ චාල්ස්ට ‘ඔහුගේ කැලිෆෝනියානු මුණුබුරන් සමඟ සමීප සබඳතාවයක් නොමැතිකම’ දැඩි ලෙස දැනෙන්නට පටන් ගෙන ඇති බවයි.

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!