ආණ්ඩුව ව්‍යවස්ථාවේ දහතුන් වන යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට සමගි ජන බලවේගනායක සජිත් ප්‍රේමදාස මහතාත් ජාතික ජනබල වේගය නායක අනුර දිසානායක මහතාත් පොරොන්දු වූ බව ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය පවසා තිබෙනවා.
ජාතික ජනබලවේ නායක අනුර දිසානායක මහතා ඊයේ දිනයේදී ද එම පක්ෂ නායකයන් හමුවී මේ සමබ්න්ධයෙන් කළ සාකච්ඡාවේ දී දෙමළ ජනතාවගේ දේශපාලන ගැටලුවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් විසඳිය යුතුව ඇති අතර එතෙක් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කළ යුතු බව අනුර දිසානායක මහතා සඳහන් කර තිබෙනවා.
ඉකුත් දහවැනිදා යාපනයේ සංචාරයක නිරත වූ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ද 13 වැනි සංශෝධනය සම්පූර්‍ණයෙන් ක්‍රියාත්මක කරන බවට සහතික වී තිබුණා.
අනුර කුමාර දිසානායක මහතා සමඟ පැවති සාකච්ඡාවලදී එළඹන මැතිවරණය පිළිබඳවද දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ නමුත් 13 වෙනි සංශෝධනය යන්න දෙමළ ජනතාවගේ ගැටලුවට ස්ථිර විසඳුමක් නොවන බව පක්ෂය පිළිගන්නේ යයිද නුර දිසානායක මහතා පැවසූ බව එම් ඒ සුමන්තිරන් මහතා සඳහන් කර තිබෙනවා.
එහි දී සාකච්ඡා වූ කරුණු සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක මහතා මෙසේ සඳහන් කළා.
“මෙතැනින් එහාට යෑම සඳහා අපි සාකච්ඡාවක් ගොඩනැගිය යුතුයි. විශේෂයෙන්ම ව්‍යවස්ථාමය වෙනස්කමක් අවශ්‍ය වී තියෙනවා. ඒ විතරක් නෙමෙයි දැනට ව්‍යවස්ථාව තුළ නීති තුළින් ස්ථාපිත කරලා තියෙන සමගිය සඳහා තිබෙන අවස්ථාවන් අපි අවම කළ යුතුව තියෙනවා. සමහර ඒවා නීතියට ව්‍යවස්ථාවට පමණක් සීමාවෙලා. ඒවා ප්‍රායෝගිකව සිදුකිරීමට ඉන් ඔබ්බට ගිහින් ක්‍රියාකාරකම් අවශ්‍යයි. පළාත් සභා කියන්නේ බලය බෙදාහැරීමක්. ඒ නිසා දැනටමත් ක්‍රියාත්මක පළාත් සභාවලට අපි එකඟත්වය පළ කළා.
ඒ විතරක් නෙමෙයි පළාත් සභාවලින් දැනට තියෙන තත්ත්වයෙන් විසඳුමක් ඇති නොවී තිබෙන බවත් අපි පිළිගන්නවා. ඒ නිසා අපි ඉන් ඔබ්බට යා යුතුයි. ව්‍යවස්ථාමය, නීතිමය, ප්‍රායෝගික ආදි කේෂ්ත්‍ර ගණනාවක වෙනස්කමකින් තමා ජාතික සමගිය ස්ථාපිත කළ හැක්කේ කියලා අපි විශ්වාස කරනවා.”