ණය උගුලින් රට බේරගන්න ආව රනිල් රට තවත් ණය කළ හැටි – විජිතගෙන් හෙළිදරව්වක්

රනිල් වික්‍රමසිංහ මහතා රට භාර ගන්නා අවස්ථාවේ ඩොලර් බිලියන 83 ක්ව පැවති රටේ ණය බර මේ 2024 මාර්තුවන විට ඩොලර් බිලියන 100 ද ඉක්මව ගොස් ඇතැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් මහතා පවසනවා.

ඒ අනුව ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ද සහයෝගය ලබා ගනිමින් රට ණය බරින් ගලවා ගැනීමට යයි පවසා බලයට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන කාලය තුළ ලංකාව තවත් ණය උගුලේ සිර කර ඇති බව ඒ මහතා පවසනවා.

2024 රජයේ ණය වාර්තාව අනුව දේශීය ණය වැඩි කිරිමේ දී භාණ්ඩාගාර බැඳුම්කර ඩොලර් මිලියන 37,000 සිට ඩොලර් මිලියන 41,500 දක්වා වැඩි වීමක් සිදුව ඇති බව ඔහු පෙන්වා දෙනවා.

20240 මුල් කාර්තුව තුළ පමණක් ශ්‍රී ලංකාවේ ණය බර බිලියන 4 කින් වැඩි වී ඇති බවයි විජිත හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

ඔහු මේ බව සඳහන් කළේ ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුවක් අමතමිනි.

Latest News

error: Content is protected !!