විදුලි සැර වැදී පාසල් සිසුවියක් මරුට

රෙදි මසනු ලබන මැෂිමක් අනාරක්ෂිත ලෙස අලුත්වැඩියා කිරීමට උත්සහ කළ 17 හැවිරිදි පාසල් සිසුවියක් විදුලි සැර වැදීමෙන් ජීවිතක්ෂට පත්ව තිබෙනවා.

මෙසේ අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගෙන ඇත්තේ නුගේගොඩ මහාමායා බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරනු ලබන 2025 වසරේ අධ්‍යාපන පොදු සහතික උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සූදානමින් සිටි නිශානි පියුමිකා වැන්රෝවන් නැමති ශිෂ්‍යාවකි.

ඇය පිළියන්දල තුම්බෝවිල,දූවවත්ත පාර,5වැනි පටුමග ප්‍රදේශයේ ඇගේ නැගණිය සහ මිත්තණිය සමඟ පදිංචි වී සිට ඇති අතර ඇගේ පියා මැලේසියාවේ හෝටලයක සේවය කරමින් සිටියදී 2023 දෙසැම්බර් 1 වැනිදා අබිරහස් ලෙස මියගොස් සිටි බව වාර්තා වෙනවා.

ඔහුගේ දේහය ඉකුත් ජනවාරි 01 වැනිදා මෙරටට එවීමෙන් අනතුරුව ඒ වන විට විදේශ ගතව සිටි ඇගේ මව ද මෙරටට පැමිණ අවමංගල කටයුතුවලට සහභාගී වීමෙන් පසු යළි සෞදි අරාබියේ රැකියාව සඳහා පිටත්ව ගොස් ඇති බව පිළියන්දල පොලිසිය පවසනවා.

දැරිය මෙම සිදුවීමට මුහුණ දුන් ජුනි මස 11 වැනිදා නැගණිය පාසල් ගිය පසු මහන මැෂිම ක්‍රියාත්මක කිරීමට උත්සහ කර තිබෙනවා.මිත්තණිය පවසා ඇත්තේ ඇය සති දෙක තුනක සිටම කැඩුණු මහන මැෂිම යථා තත්ත්වයට පත් කර ගැනීමට උත්සහ කර ඇති බවයි.

ඇය මැෂිමේ මෝටරය හා වයරය සම්බන්ධ පේනුව අනාරක්ෂිතව කපා ඉවත් කිරීමට උත්සහ කර ඇති අතර වයර් කොටස් දෙක හතරැස් කෙවෙනිය තුළට ඇතුළු කර විදුලිය ගැනීමට උත්සහ කිරීමේ දී අනපේක්ෂිත ලෙස විදුලිය වැදී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය වැඩි දුරටත් පවසා තිබෙනවා.

සිසුවියට විදුලි සැර වැදීමත් සමඟ ඇය ‘අයියෝ’ යනුවෙන් කෑ ගසා ඇති බවත් එම ශබ්දය ඉදිරිපිට නිවසේ අසල්වැසි කාන්තාවකට ඇසී ඇය පැමිණ පරීක්ෂා කර බැලීමේ දී සිසුවිය කාමරයේ රෙදි මැෂිම අසල වැටී සිටින ආකාරය දැක තිබෙනවා.

එම යන්ත්‍රය අසල කපන ලද පේනුවේ කොටස නියනක් මෙන්ම ඊට මදක් ඈතින් වයර් කෝඩ් එකක්ද බිම වැටී තිබුණු බව සඳහන්.

පසුව එම ස්ථානයට පිරිසක් ගෙන්වා නිවසේ විදුලිය විසන්ධි කිරීමෙන් අනතුරුව දැරිය පිළියම්න්දල දිසා රෝහලට ගෙන ගොස් ඇති නමුත් ගෙනයනවිටත් ඇය ජීවිතක්ෂයට පත් වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඇගේ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේ දී සිදු කිරීමට නියමිතයි.

Latest News

More like this

‘දිට්වා’ විනාශය සුනාමියට වඩා දසගුණයකින් වැඩියි

'දිට්වා’ සුළි කුණාටුවෙන් රටට සිදු වූ ආර්ථික අලාභය 2004...

දිට්වා ගැන ඉන්දීය කාලගුණ අංශ පූර්ව අනතුරු ඇඟවුම් කළ බව ජ්‍යාත්‍යන්තර මාධ්‍ය රැසක් තහවුරු කරයි

දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් ශ්‍රි ලංකාවේ කාලගුණ අංශ මෙන්ම...

විපතක දී ඉතිහාසයේ ගෙවූ දැවැන්තම වන්දිය ජනපති අනුරගෙන්

ස්වභාවික ආපදාවකදී මෙතෙක් ඉතිහාසයේ රජයක් ලබා දුන් දැවැන්තම වන්දි...

හෙලිකොප්ටරයෙන් ගොඩ බැස්සේ 2029 පොදු අපේක්ක්ෂයා ද?

ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙකු වන 'දිනේෂ් මුතුගල සර්' ආපදාවන්ට ලක්...