දැන් කුකුලෙක් මාකට් එකට එන්නේ දවස් 20න්..

මේ වන විට ලංකාවේ කුකුළු ගොවිපළක බිත්තරයකින් කුකුළු පැටියෙකු එළියට ඒමට ගත වෙන්නේ පැය හයක වැනි කාලයක් බවත් රසායනික ද්‍රව්‍යයක් මගින් දින 20ක් ඇතුළත වෙළඳපොළට පැමිණෙන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා.

පාරිභෝගික කටයුතු අධිකාරියේ අධ්‍යක්ෂ (විශේෂ වැටලීම්) සංජය ඉරසිංහ මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වීමක් කරමින් මේ බව සඳහන් කළා.

“කොළ පාට කෙමිකල් එකක් තියෙනවා. කුකුල්ලු 2000ක් විතර ඉන්න ෆාර්ම් එකක 2000ටම දාන්නේ බින්දු දෙකයි. බින්දු දෙකක් දාලා ඔක්කොටම දෙනවා. කුකුළා මහත් වෙලා එනවා දවස් 20න්. දවස් විස්සෙන් එළියට දානවා. මොකද දවස් 45 ක් කුකුළට කන්න දුන්නොත් ඒ මුදලට කුකුල්ලු අලෙවි කරන්න බෑ. වියදම වැඩියි. ඒ වගේ විවිධ කූඨ උපක්‍රම යොදාගෙන තමයි මේ කුකුල්ලු එන්නේ මාකට් එකට.”

එමෙන්ම ලංකාවේ ගොවිපළවල දී කුකුලන් රෝගවලින් වළක්වා ගැනීම ඇමොක්සලීන් සඳහා ප්‍රතිජීවක ඖෂධ වර්ග ජලයට දිය කර ලබා දෙන බව ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතු උපුල් රෝහණ මහතා පවසනවා.

“ලංකාවේ ක්‍රමවේදයක් නෑ. සුළු පරිමාණ සහ මහා පරිමාණ ගොවිපළවල් නිසියාකාරව කරනවද කියන එක. උදාහරණයක් ලෙස අපි මිනිස්සුන්ට ලබා දෙන ඇමොක්සිලීන් වැනි ප්‍රතිජීවක ඖෂධ අපි දන්නවා මේ සත්ව ගොවිපළවල් හිමියන් පාචනය වගේ ලෙඩ රෝග වළක්වගන්න ජලයට දියකරලා දෙනවා කුකුළන්ට. මේවා යම් තරමකට පාලනය කිරීමට නිසි ක්‍රමවේද තියෙන්න ඕන.”

Latest News

More like this

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා… අගමැතිනි හරිනි

ජාතික ජන බලවේගයේ 'ලස්සන රටක් පොහොසත් ජීවිතයක්' ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්...

ජනමාධ්‍ය වෙත ප්‍රකාශ ලබා දීම හේතුවෙන් වෛද්‍ය බෙල්ලනගේ වැඩ තහනම්…

ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ රුක්ෂාන්...

උමා ඇළට පිරිත් පැන් දැමූ සමන්ත විද්‍යාරත්නට චාමරගෙන් හාදු වැස්සක්

ආණ්ඩුව ආගමානුකූල වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්...

රන්වලගේ සිදුවීමේ දී පොලිස් නිලධාරීන් රාජකාරී පැහැර හැර ඇති බව තහවුරු වේ

ජාතික ජනබලවේග ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ...