ජුලි 01 වෙනිදා සිට ඕස්ට්‍රේලියාවේ වීසා නීති දැඩි වේ – ශිෂ්‍ය වීසා රැසක් කප්පාදු කෙරේ

ජුනි මස පළමු වෙනිදා සිට වීසා නීති දැඩි කිරීමට ඕස්ට්‍රේලියානු රජය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව සංචාරක වීසා මත ඕස්ට්‍රේලියාවට පැමිණ එහි රැඳී සිටිමින් ශිෂ්‍ය වීසා ලබා ගැනීමට දී තිබූ අවස්ථාව මින් ඉදිරියට අහිමි වෙනවා.

යුධ ගැටුම් හා ආර්ථික අර්බුද හේතුවෙන් පීඩනයට පත් රටවල ජනතාව සිය රටවලින් පලාගොස් ධනවත් සහ දියුණු රටවල රැකවරණ ඉල්ලා සිටින අතර මෙය එම ධනවත් රටවලට මේ වන විට විශාල හිසරදයක් බවට පත්ව තිබෙනවා.

මෙම තත්ත්වය හේතුවෙන් උසස් අධ්යාපන කටයුතු සඳහා සංවර්ධනය වූ රටවලට පැමිණෙන පිරිස් සීමා කිරීමට ද ඒ රජයන් මෙම කාල සීමාව තුළ විවිධ පියවර ගනිමින් සිටිනවා.

ඕස්ට්‍රේලියා රජය ද ඔවුන්ගේ වීසා නීති දැඩි කිරීමට සැලසුම් කර ඇත්තේ මෙවන් තත්ත්වයකයි.

2025 වන විට රටට පැමිණෙන සංක්‍රමණිකයින් 50% කින් කප්පාදු කිරීමේ ඉලක්කයක් ස්ථාපනය කලා.

එහි දී ඔවුන්ගේ වැඩිම අවධානය යොමුව තිබුණේ ශිෂ්‍ය වීසා කප්පාදු කිරීම කෙරෙහිය.

ඒ අනුව සංචාරක වීසා මත ඕස්ට්‍රේලියාවට පැමිණ එහි රැඳී සිටිමින් ශිෂ්‍ය වීසා ලබා ගැනීමට මෙතෙක් ලබා දී තිබුණු අවස්ථාව අත් හිටුවීමට එරට රජය පියවර ගෙන තිබෙනවා.

එම නීතිය ලබන ජුලි මස 01 වෙනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.

එමෙන්ම තාවකාලික උපාධි වීසා මත රටේ රැඳී සිටින උපාධිධාරීන්ට ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා වීසා අයදුම් කිරීමේ අවස්ථාව ද ඉන් අහිමි වෙනවා.

එරට අභ්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුව අනුව 2023 වසරේ ජුලි මස 01 වෙනිදා සිට මේ මස ජුලි 01 වෙනිදා දක්වා කාලය තුළ පමණක් සංචාරක වීසා මත පැමිණ ශිෂ්‍ය වීසා අයදුම් කළ පිරිස 36,000 ඉක්මවන බවයි එරට රජය සඳහන් කරන්නේ.

බලධාරීන්ට අනුව ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින තාවකාලික උපාධි වීසා හිමියන් අඛණ්ඩව දෙවැනි වරටත් ශිෂ්‍ය වීසා අයදුම් කිරීමේ ප්‍රවණතාව 2022-2023 වසරවල 30% කින් ඉහළ ගොස් ඇති අතර එමඟින් රටේ ශිෂ්‍ය වීසා ක්‍රියාවලිය අවතක්සේරු කෙරෙන බවත් උසස් අධ්‍යාපනයේ යෙදීමේ සැබෑ අරමුණෙන් රටට පැමිණෙනන සිසුන්ට අසාධාරණයක් සිදු වෙන බවත් ඕස්ට්‍රේලියානු රජය පවසා තිබෙනවා.

එමෙන්ම රටේ සිටින කාල සීමාව දීර්ඝ කර ගැනීමේ අරමුණෙන්ම පමණක් ලාබදායී පාඨමාලාව නිරතවන පිරිස රටින් බැහැර කිරීමට මෙමඟින් අපේක්ෂා කෙරෙනවා.

Latest News

More like this

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා… අගමැතිනි හරිනි

ජාතික ජන බලවේගයේ 'ලස්සන රටක් පොහොසත් ජීවිතයක්' ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්...

ජනමාධ්‍ය වෙත ප්‍රකාශ ලබා දීම හේතුවෙන් වෛද්‍ය බෙල්ලනගේ වැඩ තහනම්…

ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ රුක්ෂාන්...

උමා ඇළට පිරිත් පැන් දැමූ සමන්ත විද්‍යාරත්නට චාමරගෙන් හාදු වැස්සක්

ආණ්ඩුව ආගමානුකූල වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්...

රන්වලගේ සිදුවීමේ දී පොලිස් නිලධාරීන් රාජකාරී පැහැර හැර ඇති බව තහවුරු වේ

ජාතික ජනබලවේග ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ...