උද්ධිකගේ ඩ්‍රාමා එකක් ෆේල් වෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට 2023 වසරේ දී සිදු කළ වෙඩි තැබීම මන්ත්‍රීවරයා ප්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරිවරයෙකු සමග එක්වී සැලසුම්සහගතව සිදු කළ එකක් බව අනාවරණ වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පවසනවා.

2023 වසරේ සැප්තැම්බර් 17 වැනිදා අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථය ඉලක්ක කරමින් වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබුණා.

වෙඩි වැදීමෙන් මෝටර් රථයේ පිටුපස පැති වීදුරුවට අලාභ හානි සිදුවී තිබූ නමුත් මන්ත්‍රීවරයාට කිසිදු අනතුරක් සිදුවී තිබුණේ නැහැ.

මෙම වෙඩි තැබීමේ සිද්ධියට අදාළ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ අතර සිද්ධියට අදාළ සැකකරුවන් මේ වනවිට හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ (13) සඳහන් කළා.

“සංජීව මහානාම කියන පොලිස් අධිකාරිවරයා විදේශ ගත වී තිබෙනවා පෙරේදා දිනයේ දී. ඔහු විදේශගත වී තිබෙන්නේ ඒ බව පොලිසියට දැනුම් දී නිසි අවසරයක් ලබා ගෙන නෙවෙයි. ඒ සම්බන්ධයෙන් අපි මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඔහු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු වුණා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුගිය දා අනුරාධපුර ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ගමන් ගත් කාර් රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ල වීම සම්බන්ධයෙන්. මේ පොලිස් අධිකාරිවරයාත් ඒ මන්ත්‍රීවරයාත් දන්නා අඳුනන අය විදියට දෙදෙනා එකතු වෙලා කරල තියෙනවා කියලා තමයි නිරීක්ෂණය වෙලා තියෙන්නේ.”

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!