ත්‍රිත්ව විදුහලේ රග්බි කණ්ඩායම නියෝජනය කළ සිසුවෙක් හදිසියේ මිය ගිහින්

මහනුවර ත්‍රිත්ව විදුහලේ රග්බි කණ්ඩායම නියෝජය කළ ෂබීර් අහ්මඩ් නමැති 19 හැවිරිදි ක්‍රීඩකයා මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (13) අලුයම මියගොස් ඇතැයි වාර්තා වෙනවා.

වෛද්‍යවරුන්ගේ නිගමනයට අනුව ඔහුගේ මරණය සිදු වී ඇත්තේ පෙනහළු තුළට විෂබීජ ඇතුළු වීමකිනි.

යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ඇදවැටීමෙන් පාදයේ ඇති වූ තුවාලයක් දින කිහිපයකට පසු උත්සන්න වීම නිසා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත්ව සිසුවා ප්‍රතිකාර ලබා ගෙන තිබෙනවා.

එහි දිනක් ප්‍රතිකාර ලැබීමෙන් පසු නිවෙසට පැමිණ තිබෙන සිසුවාට හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇති වීම හේතුවෙන් ඔහු යළිත් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමට මවුපියන් පියවර ගෙන ඇති අතර, එහිදී පෙණහලු තුළට විෂ බීජයක් ඇතුළු වී තිබෙන බව හඳුනාගැනීමෙන් පසු ඒ සඳහා ප්‍රතිකාර ආරම්භ කර තිබෙනවා.

ඔහු ඊයේ (13) අලුයම මරණයට පත්ව ඇත්තේ ත්‍රිත්ව විදුහලේද සහාය ඇතිව සිසුවා විශේෂ ප්‍රතිකාර සඳහා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටරයකින් කරාපිටිය රෝහලට රැගෙන යෑමටද සැලසුම් කර තිබියදීය.

ඉස්ලාම් ආගමික වතාවත්වලට අනුකූලව අවසන් කටයුතු ඊයේ (13) පස්වරුවේම කටුගස්තොටදී සිදු කර තිබෙනවා.

Latest News

More like this

එකදු විදෙස් සංචාරකයෙකුගේ හෝ ජීවිත හානි නොවීමට අපි වගබලා ගත්තා.. විජිත හේරත්

ආපදාව අවස්ථාවේ මෙරටට පැමිණ සිටි කිසිදු විදෙස් සංචාරකයකුගේ ජීවිතයකට...

ගෑස් හිඟයක් නෑ.. නැව එනවා – විජිත

ගෑස් හිඟයක් ළඟදීම ඇති වන බවට අද (18) පාර්ලිමේන්තුව...

රටට වුණු හානිය ලෝකෙට පෙන්නන වීඩියෝ පටයක් හදාගන්න තාම ආණ්ඩුවට බැරි වුණා – මරික්කාර්

දිට්වා සුළි කුනාටුවෙන් සිදු වුණු හානිය තක්සේරු කිරීමට රජය...

නියත වශයෙන්ම ලිට්‍රෝ ගෑස් හිඟයක් එනවා..

එළඹෙන අප්‍රේල් මස වන විට රට තුළ ගෑස් හිඟයක්...