අනුරගේ හෙට ලන්ඩනයේ ශ්‍රී ලාංකියන් අමතයි

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා එරට වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවීම සඳහා එක්සත් රාජධානිය (UK) බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඔහු ඊයේ (ජුනි 13) එක්සත් රාජධානියට පැමිණි අතර එහිදී ශ්‍රී ලාංකිකයන් පිරිසක් හීත්‍රෝ ගුවන්තොටුපළේදී ඔහුට උණුසුම් පිළිගැනීමක් ලබා දී තිබෙනවා.

අනුර කුමාර දිසානායක මහතා 2024 ජුනි 15 සෙනසුරාදා Crystal Grand හිදී එක්සත් රාජධානියේ ශ්‍රී ලාංකික ප්‍රජාව ඇමතීමට නියමිතයි.

Latest News

error: Content is protected !!