මාළිමාවට එක් වූ හිටපු පොලිස් ප්‍රධානීන් දෙදෙනාට විරෝධයක්

විශ්‍රාමික පොලිස්පතිවරයා සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් පිරිසක් ඊයේ(13)
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ජාතික ජන බලවේගයට (NPP) එක්වීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කර තිබෙනවා.

හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා මේ සම්බන්ධයෙන් පැවැත්වුණු මාධ්‍ය හමුවක් දී පැවසුවේ වසර 150ක කීර්තිමත් ඉතිහාසයකට උරුමකම් කියන පොලිස් දෙපාර්තමේන්තුව දේශපාලනයට ගෙනැවිත් අපකීර්තියට පත් නොකළ යුතු බවයි.

ත්‍රස්තවාදී සමයේ සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ නිලධාරීන්ම දැන් එම ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ යැයි කියන පුද්ගලයින් සමඟ එක්වෙමින් සිටීම සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුවම කම්පනයට පත්ව ඇති බව ඔහු මාධ්‍ය අමතමින් කියා සිටියා.

විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතා මාධ්‍ය අමතමින් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නිලධාරීන් දෙදෙනාට චෝදනා කරමින් 2018 වසරේ වව්නතිව් පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සහරාන්ගේ කණ්ඩායම අත්අඩංගුවට ගැනීම වෙනුවට LTTEයට වරද පටවමින් විමර්ශනය අවසන් කළ බවට චෝදනා කළා.

නැගෙනහිර පළාත භාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එඩිසන් ගුණතිලක, විශ්‍රාමික පොලිස් අධිකාරී නෝටන් ද සිල්වා, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ, විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරී සේනක කුමාරසිංහ, විශ්‍රාමික පොලිස් අධිකාරී ජයන්ත හේරත් ඇතුළු පිරිසක් ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියා.

Latest News

More like this

බොන්ඩි බීච් ප්‍රහාරයෙන් ජීවිත ගණනාවක් බේරාගත් ඕස්ට්‍රේලියාවේ වීරයා

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බොන්ඩි බීච් හි දී නිරායුධ සිවිල්...

උපාධි සහතිකය සම්බන්ධයෙන් රන්වලට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගන්නවද? ඔව්.. පුළුවන් – නලින්ද

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගෙ ආචාර්ය...

රජය ජ්‍යාත්‍යන්තර ආධාර සමුළුව සැලසුම් කරයි

ආපදාවෙන් පීඩාවට පත් රට නැවත ගොඩනැගීම සඳහා සහාය ලබා...

දින කිහිපයකට පසු රන්වලගේ රුධිර සාම්පලයක් රස පරීක්ෂකට…

සපුගස්කන්ද ප්‍රදේශයේදී හිටපු කථානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල...