ජනාධිපති කාර්යාලයේ දී මන්ත්‍රීවරයෙකුට පහර දීපු මහින්දානන්දට තවමත් අත්අඩංගුවට ගෙන නැහැ – ඇසින් දුටු මන්ත්‍රීවරුන්ගේ සාක්ෂිත් වෙනස් කරයි

මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා තමාට සිදු කළ පහර දීම සම්බන්ධයෙන් තවමත් නීතිය ක්‍රියාත්මක වී නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා පවසනවා.

තමාට පහරදීමේ සිද්ධිය පිළිබඳව දැනට සිදුකෙරෙන පරීක්ෂණ සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත් නොවන බවත්, නීතිමය ක්‍රියාමාර්ග ඉදිරියට ගෙනයන බවත් ඒ මහතා පහරකෑමේ සිද්ධියට ලක්වීමෙන් දින 10කට පසුව කොළඹ පිහිටි සිය නිවසේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පවසා තිබෙනවා.

ජුනි 03 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී මුදල් ප්‍රතිපාදන ගැටලුවක් මුල්කර ගනිමින් ආණ්ඩු පක්ෂයේ ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා සහ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබුණා.

පසුව මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවසන් වී මන්ත්‍රීවරුන් පිටව යන අවස්ථාවේ නැවත වරක් පියගැටපෙළ මතදී මහින්දානන්ද මන්ත්‍රීවරයා තල්ලු කිරීමකින් තමා ඇද වැටී තුවාල ලැබූ බවට ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා චෝදනා චෝදනා කරනවා.

තුවාල ලැබූ මන්ත්‍රීවරයා යුද හමුදා රෝහලට ඇතුළත් කෙරුණු අතර ඔහුගේ පාදයේ සිදු වු අස්ථි බිඳීමකට අදාළව පැය 4ක සැත්කමකට ද භාජනය කර තිබුණා.

මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා පවසන පරිද පියගැටපෙළෙන් ඇද වැටීමක් සිදු නොවුන බවත් තමන් පියගැටපෙළ ආසන්නයේවත් නොසිටි බවත්ය.

මේ සම්බන්ධයෙන් ඉදිරියේදී පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරන බව ද ගුණතිලක රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

“සිද්ධිය සිදු වෙලා මේ වන විට දින 10ක් වෙනවා.එදා ජාතික රෝහලට ඇතුළත් කීරිමෙන් පසු සැත්කමකට භාජනය කළා. පැය තුනහ මාරක් පමණ ඒකට ගියා. බොහොම අමාරුවෙන් තමයි ටොයිලට් එකට පවා යන්නේ. මේ දින 10 ඇතුළත පොලිසිය කට උත්තර ගත්තා තාම අත් අඩංගුවට ගැනීමක් නම් සිද්ධ වෙලා නෑ. ඒ පිළිබඳව බොහොම කණගාටු වෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලය කියන්නේ කැබිනට් එක රැස්වෙන ස්ථානය.දෙස් විදෙස් ප්‍රභූන් පැමිණෙන ස්ථානය. ජනාධිපතිතුමා එහා පැත්තේ හිටියා ඒ වෙලාවේ. මේ වගේ වෙලාවක ඒ වගේ ස්ථානයක මෙවැනි පහර දීමක් කරන්න පුළුවන් කට ද කියන එකයි මට තියෙන ප්‍රශ්ණය.මොනවා කරන්නත් පොලිසිය මේක අධිකරණයට ඉදිරිපත් කරන්න එපැයි. ඒක තවම සිද්ධ වෙලා නෑ. ඒ අධිකරණ තීන්දුව අනුව තමයි මම කටයුතු කරන්නේ. පොලිසිය කියන්නේ එතන හිටිය මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ සාක්ෂි සටහන් කරගත්තා. අධිකරණ වෛද්‍යවරයා හම්බ වුණා. කොටුව පොලිස් ස්ථානාධිපතිගෙන් මේ පිළිබඳ විමසූ විට එතුමා කිව්වේ මේ සාක්ෂි දීපු මන්ත්‍රීවරු මේක දුටු බවට සාක්ෂි දී නෑ කියලා.”

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!