දික්කසාද වූ දෙමාපියන්ට රටින් පිටව යාමට තිබූ තහනම ලිහිල් වේ

ඩුබායි හි අධිකරණය බ්‍රහස්පතින්දා (13) ප්‍රකාශයට පත් කරන ලද නව නීතියකින් එහි දික්කසාද වූ දෙමව්පියන්ට සිය දරුවන් රැගෙන රටින් පිටවීම තහනම් කර තිබූ නීති ලිහිල් කර තිබෙනවා.

මීට පෙර දික්කසාදයෙන් වෙන්වූ මවකට හෝ පියෙකුට රටින් පිටවීමට අවසර ලැබුණේ අනෙක් පාර්ශවයේ කැමැත්ත ඊට ලැබෙන්නේ නම් පමණි.

නව නීති අනුව දෙමාපියන්ට ඔවුන්ගේ දරුවන් සමග එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇතුළු වීමට සහ පිටවීම පහසු කරයි.

ඩුබායි අධිකරණයේ පුද්ගලික තත්ත්වයන් ක්‍රියාත්මක කිරීමේ දෙපාර්තමේන්තුව පවසන පරිදි මෙම ක්‍රියාවලියට මීට පෙර කාලය ගතවන පියවර කිහිපයක් ඇතුළත් වුණා.

පළමුව එක් පාර්ශවයක අනුමැතියෙන් පසු විනිසුරුවරයෙකුට තීරණයක් නිකුත් කිරීමට සිදු වූ අතර, පසුව සංචාරක තහනම තාවකාලිකව අවලංගු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිපියක් යොමු කරන එම ක්‍රමවේදය ඉතා අසීරු වූ බවයි සඳහන් වන්නේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දික්කසාද අවස්ථා වලදී භාරකාරත්වය සාමාන්‍යයෙන් මව්වරුන්ට ලබා දෙයි. පියා, මේ අතර, දරුවාට මූල්‍යමය වශයෙන් සැපයීමේ වගකීම දරන ‘භාරකරු’ ලෙස සේවය කරනු ලබනවා.

මව හෝ පියාගේ අවසරයකින් තොරව දරුවා සමඟ රටින් පිටවීම මීට පෙර ‘ළමා පැහැරගැනීමක්’ ලෙසයි එහි නීතිවල සඳහන් වුණේ.

Latest News

More like this

දිට්වා සම්බන්ධයෙන් විමර්ශනයකට ඉහළ බලැති පාර්ලිමේන්තු කමිටුවක් පත් කරන්න.. පාඨලී

'දිට්වා' සුළි කුණාටුව හැසිරවීම පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ස්වාධීන,...

මස්ක්ගෙන් ලංකාවට ස්ටාර්ලින්ක් සහනාධාරයක්

එක්සත් ජනපද ප්‍රකෝටිපතියකු වන ස්ටාර්ලින්ක් ආයතනයේ හිමිකරු වන ඊලොන්...

මෙසීව බලන්න අපි හනිමුන් එක කැන්සල් කළා…

ජනප්‍රිය පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී "GOAT India Tour" සංචාරය...