ශ්‍රී ලංකාවේ මැතිවරණයක් පැවැත්වීම අපට ගැටලුවක් නෙවෙයි – ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදල

ශ්‍රී ලංකාවේ මැතිවරණයක් පැවැත්වීම ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදලට (IMF) ගැටලුවක් නොවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර් මහතා පවසනවා.

ඕනෑම රටක මැතිවරණයක් පැවැත්වීමේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලික් වන බැවින් IMF ඒ සඳහා පූර්ණ වශයෙන් ගරු කරන අතර ඔවුන් අදාළ ක්‍රියාවලියට අනුගත වන බවද මෙහිදී පවසා තිබෙනවා.

එමෙන්ම එය නිශ්චිත කාලසීමාවක දී ප්‍රජාතන්ත්‍රවාදී අයුරින් පැවැත්වීම ඔවුන් අනුමත කරන බවයි වැඩිදුරටත් ඔහු සඳහන් කළේ.

ශ්‍රී ලංකාව තුළ මැතිවරණයක් පවත්වන්නේ නම් අදාළ බලධාරීන් සමග එක් ව ඊට අවශ්‍ය කාල රාමුවක් සැකසිය යුතු බව ද Peter Breuer පවසා තිබෙනවා.

ශ්‍රී ලංකාව සඳහා වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් දෙවැනි ඇගයීම පිළිබඳව ජ්‍යේෂ්ඨ නියෝජිතයින් පිරිසක් පැවැත්වු විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුරදී ඔහු මේ බව සඳහන් කළා.

Latest News

More like this

දිට්වා සම්බන්ධයෙන් විමර්ශනයකට ඉහළ බලැති පාර්ලිමේන්තු කමිටුවක් පත් කරන්න.. පාඨලී

'දිට්වා' සුළි කුණාටුව හැසිරවීම පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ස්වාධීන,...

මස්ක්ගෙන් ලංකාවට ස්ටාර්ලින්ක් සහනාධාරයක්

එක්සත් ජනපද ප්‍රකෝටිපතියකු වන ස්ටාර්ලින්ක් ආයතනයේ හිමිකරු වන ඊලොන්...

මෙසීව බලන්න අපි හනිමුන් එක කැන්සල් කළා…

ජනප්‍රිය පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී "GOAT India Tour" සංචාරය...