ජනාධිපතිවරණය ඔක්තෝබර් 05

ජනාධිපතිවරණය ඔක්තෝබර් මස 05 වැනි දින පැවැත්වෙන බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ගාල්ලේදී පවසා තිබෙනවා.

ජනාධිපතිවරණය ඔක්‍තෝබර් 05 වැනි දා පැවැත්වෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිසැකවම ජයග්‍රහණය කරන බව අමාත්‍යවරයා එහි දී සඳහන් කර තිබෙනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට කිසිදු අභියෝගයක් ඒ සඳහා නොමැති බවයි.

මෙය ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරයෙක් විසි ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය පිළිබඳ ප්‍රකාශ වුණු පළමු අවස්ථාවයි.

Latest News

error: Content is protected !!