IMF නියමයෙන් කුලීකරුවන්ට බද්දක්

ශ්‍රී ලංකාව ලබන වසරේ අප්‍රේල් පළමු වැනිදා සිට ආරෝපණය කළ කුලී ආදායම් බද්දක් හඳුන්වා දීමට නියමිත බව අන්තර්ජාතික මූල්‍ය අරමුදල ප්‍රකාශ කර තිබෙනවා.

මෙම බද්ද අන්තර්ජාතික මූල්‍ය අරමුදල(IMF) මෙරටට ලබා දෙන ණය ආධාර වැඩසටහන යටතේ රජයේ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට දරන උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසයි එම අරමුදල හඳුන්වා දෙන්නේ.

රජයේ ආදායම ඉහළ දැමීම සඳහා මෙවැනි බද්දක් හඳුන්වාදීම ඉතා වැදගත් බව අන්තර්ජාතික මූල්‍ය අරමුදල පවසනවා.

මෙම බදු ක්‍රමය 2026 වසර වනවිට සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ආරෝපණය කළ කුලී ආදායම් බද්දක් යනු නිවසක හිමිකරුවෙකු සිය නිවස කුලියට ලබාදුන්නේ නම් ඔහුට හෝ ඇයට ලබාගත හැකි ආදායම ඇස්තමේන්තු කර ඒ සඳහා බදු මුදලක් අය කිරීමයි.

මෙම බද්ද නිවසේ වටිනාකම මත නොව ඉන් ලැබිය හැකි අදායම මත පදනම් වෙනවා.

මීට පෙර 2025 වසරේදී දේපළ බද්දක් හඳුන්වාදීමට රජය සූදානම්ව සිටියත් එයට පවතින බාධා හේතුවෙන් මෙම බදු ක්‍රමය හඳුන්වාදීමට මෙරට රජය තීරණය කර ඇතැයි අන්තර්ජාතික මූල්‍ය අරමුදල ප්‍රකාශ කරනවා.

පදිංචිවී සිටින සහ නොසිටින නිවාස සඳහා මෙම බදු ක්‍රමය හඳුන්වාදීම දේපළ බද්දට සුදුසු ආදේශකයක් ලෙස හඳුන්වා දී තිබෙනවා.

මෙම බදු ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රාදේශීය සභා මට්ටමින් දත්ත ගබඩාවක් පිහිටුවීමට ශ්‍රී ලංකාව අවධානය යොමු කළ යුතු බවත් එම දත්ත ගබඩාවට මෙරට දේපළ හිමියන් සතුව ඇති දේපළ සම්බන්ධයෙන් යාවත්කාලීන කළ ඇස්තමේන්තුවක් ඇතුළත් විය යුතු බවත් අන්තර්ජාතික මූල්‍ය අරමුදල පවසනවා.

අන්තර්ජාතික මූල්‍ය අරමුදල පවසන්නේ එම දත්ත ගබඩාව නිර්මාණය කිරීම මෙම වසරේ අගෝස්තු මස වන විට අවසන් විය යුතු බවයි.

Latest News

More like this

නිවාස පිරිසිදු කර ගැනීමේ රු 25,000 ක මුදල ගන්න ආණ්ඩුවේ නිලධාරීන් හතරක් සහතික කරන තෙක් ඉන්න වෙලා

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් ඇතිවුණු ආපදා තත්ත්වය හමුවේ විපතට...

ජපානයට 8.0ක මෙගා භූමිකම්පාවක් සිදුවන බවට අනතුරු ඇඟවීමක්..

ජපානයේ කාලගුණ අංශ විසින් රටට ඉක්මණින් බලපෑ හැකි 'මෙගා'...

තවත් කුණාටුවක්.. කාලගුණ දෙපාර්තමේන්තුව හා BBC කියයි

බෙංගාල බොක්ක ප්‍රදේශයේ වර්ධනය වූ කුණාටුවක් ශ්‍රී ලංකාවට ඇතුළු...

බුදුන්ගේ රස්තියාදුව කෘතියෙන් අපහාසයට එහා අපරාධයක් කරලා..

බුදු දහමට සහ ගෞතම බුදුන් වහන්සේට අපහාසවන බවට ආන්දෝලනයට...