වැද්දොත් එක්ක මොණරෙක් මරාගෙන කන දර්ශන යූ ටියුබ් එකේ පෙන්වූ සුද්දාට ශ්‍රී ලංකාවෙන් නඩු (වීඩියෝ)

මාඳුරුඔය ජාතික වනෝද්‍යානය තුළ දී විදේශිකයෙකු හා ආදිවාසීන් පස්දෙනෙකු එක්ව මොණරෙකු ඝාතනය කර එම සතාව පුළුස්සා ආහාරයට ගැනීම සම්බන්ධ පිරිස අත්අඩංගුවට ගන්නා ලෙසට මහියංගන මහෙස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් මඟින් කරුණු ඉදිරිපත් කොට තිබෙනවා.

අධිකරණය හමුවේ මෙම චෝදනා ගොනු කරනු ලැබුවේ හේනානිගල වන සත්ත්ව අඩවි ආරක්ෂක ඩබ්ලිව්. එම්. කුමාරසිරි විජේකෝන් මහතා විසින්.

අදාළ විදේශිකයා මෙම දර්ශන පළ කරනු ලැබුවේ Best Ever Food Review Show නමින් පවත්වාගෙන යන යූ ටියුබ් නාළිකාවකයි.

විදේශිකයා විසින් මීට වසරකට පෙර ප්‍රසිද්ධ කර තිබුණු මෙම වීඩියෝව මේ වන විට ලක්ෂ 80කට අධික පිරිසක් විසින් නරඹා තිබෙනවා.

මෙම නාළිකාව පවත්වාගෙන යනු ලබන්නේ ඇමරිකානු චිත්‍රපට නිෂ්පාදක Will Sonbuchner විසින්.ඔහු Sonney Side යන කෙටි නාමයකින් පෙනී සිටින අතර ඔහු ලොව පුරා ප්‍රසිද්ධ වී සිටින්නේ සංචාරක සහ විවිධ රටවල විවිධ සංස්කෘතින් පිළිබඳ ඔවුන්ගේ ආහාර රටා පිළිබඳ අනාවරණය කරන යූ ටියුබ් කරුවෙක් ලෙසයි.

ඔහු සමග අදාළ වැඩසටහනට සහභාගි වූ ආදිවාසීන් පස්දෙනා දඹාන, කොටබකිනිය ප්‍රදේශයේ ජීවත් වන පිරිසක් බවට අධිකරණය ඉදිරියේ අනාවරණය කර තිබෙනවා.

මෙම පිරිස අපරාධය සාමූහිකව සිදුකර රූගත කිරීම සම්බන්ධව සහ 1964 අංක 44 දරණ හා වර්ෂ 1970 අංක 01 හා 1993 අංක 49 දරණ හා වර්ෂ 2012 අංක 22 දරණ අණ පනත්වලින් සංශෝධිත, 1937 අංක 02 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 469 අධිකාරිය සහ දණ්ඩ නීති සංග්‍රහයේ අංක 32 ප්‍රකාරව පොදු අරමුණින් යුතුව මෙම අපරාධය සිදුකර ඇති බවට සනාථ වීම නිසා ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව හේනානිගල වන සත්ත්ව අඩවි ආරක්ෂක ඩබ්ලිව්. එම්. කුමාරසිරි විජේකෝන් මහතා පවසා තිබෙනවා.

Latest News

More like this

ට්‍රම්ප්ට ඩිමෙන්ෂියා ද?

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා FIFA Club ලෝක...

යුක්‍රේනයට මොස්කව් ඉලක්ක කිරීමට ඉඩ දෙන්නේ නැහැ… ට්‍රම්ප්කියයි

යුක්‍රේනය මොස්කව් ඉලක්ක නොකළ යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

ඇසළ පෙරහරේ ආසන රු 65,000ට නගී

මහනුවර ඇසළ පෙරහර මංගල්ලයේ නැරඹුම් ආසන ටිකට්පත් රුපියල් 50,000ත්...

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...
error: Content is protected !!