නංගිලාට වඩා මං තමයි ලස්සන කිව්ව කවිහාරිට විරෝධයක් – මට තියෙන්නෙ චයිනීස් ජැපනීස් ලුක් එකක් කියලත් කියලා

සිය පවුලේ අය සමඟ සහභාගී වූ යූ ටියුබ් වැඩසටහනක් අතරතුර නැගිණියන් දෙදෙනාටම වඩා තමා ලස්සන බව කියන කවිහාරි හපුතන්ත්‍රිගේ ප්‍රකාශයක් සමාජ මාධ්‍යවල විවේචනයට ලක්වී තිබෙනවා.

කවිහාරි හපුතන්ත්‍රි කියන්නේ ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ විකාශය වන ‘ජානු’ නාට්‍යය නිසා ප්‍රසිද්ධ වූ නවක රංගන ශිල්පිනියක්.

ජානු නාට්‍යයෙන් ජනජනප්‍රිය වූ කවිහාරි මව පියා නැගිණියන් දෙදෙනා සමඟ මෙම වැඩසටහනට සහභාගී වී සිටි අතර මෙම ප්‍රකාශය සිදු කරන්නේ එහි දි නිවේදක රංගන ද සිල්වා ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමිනි.

ගෙදරින්ම කවුද ලස්සනයැයි අහන එම ප්‍රශ්ණයට පිළිතුරු දෙමින් පියා නිහතමානීව කියන්නේ ගෙදරින්ම ලස්සනම ‘පොඩ්ඩී’ කියාය.

පොඩ්ඩී යනු ඇගේ තවමත් පාසල් යන වියේ පසුවන බාලම නැගිණිය වන අතර එම පිළිතුර මැද්දට පනින කවිහාරී පවසන්නේ තාත්තාගෙ ඒ උත්තරය සිත නිවන කතාවක් බවත් ගෙදරින්ම ලස්සන කෙල්ල තමන් බවයි.

ඇයට උපතින්ම හිමි වී ඇත්තේ ජපන් හා චීන යුවතියකගේ සුන්දර පෙනුමක් බවත් බොහෝ දෙනෙක් මව චීන ජාතිකාවක් ද නැත්නම් තමන් චීන ජාතිකයකුගෙන් අරන් හදාගන්නා ළමයෙක් ද කියා විමසන බව ඇය පවසන්නේ ආඩම්බයකින් යුතුවයි.

එමෙන්ම සිය රූපය පෙර කරන ලද දුර්ලභ පුණ්‍ය කර්මයක ප්‍රතිඵලයක් බව ද ඇය පවසනවා.

කෙසේවෙතත් සමාජ මාධ්‍යවල එම ප්‍රකාශය විවේචනය කරන්නන් පවසන්නේ ඇය සිය බාල නැගිණියන් දෙදෙනා රටක් ඉදිරියේ අපහසුතාවට සහ ලැජ්ජාවට පත් කර බවයි.

Latest News

More like this

ගිරිරාජ්ගේ දියණියගෙන් කෙහෙළියගේ දෝණියට පණිවිඩයක්

කෙහෙළිය රඹුක්වැල්ල මෙරට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි...

සුපිරි නළු සල්මන් ඛාන් වටා කැරකෙන පාතාලය: ගැහැණියක් නිවසටම ඇතුළු වේ

බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ මුම්බායි, බන්ඩ්‍රා ප්‍රදේශයේ ගැලැක්සි මහල්...

විශාල්ගේ ජීවිතයට අලුත් බලාපොරොත්තුවක්…

හැංගි හැංගි බැඳපු ආදරේ ගැන හැමෝටම කියන්න ඔවුන් පසු...

සමන්තා සහ රාජ් නිදිමෝරු අතර ප්‍රේමය සනාථ කරන ගුප්ත සටහන්

"හොඳ කර්මය නිර්මාණය කරන්න. මිනිසුන්ට උදව් කරන්න සහ මිනිසුන්ට...
error: Content is protected !!