රනිල්ගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට Econ ක්ලාස් එකක්

21 වැනි සියවසේ ආර්ථිකය පිළිබඳ නව තාක්ෂණික යාවත්කාලීන වීම් පිළිබඳ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් යාවත්කාලීන විය යුතු බැවින් පර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පන්ති පැවැත්විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාව සඳහා වන පොදු ඉගෙනුම් අධ්‍යාපන වේදිකාව නිල වශයෙන් එළිදැක්වීමට එක්වෙමින්.

“දැනුමට ප්‍රතිලාභ හිමිවන සමාජයක අපි අද ජීවත් වෙන්නේ. ඒ වගේම අපිට ඒ තරගයට එක්වෙන්න සිදුවෙලා තියෙනවා. ඇත්තෙන්ම අපි ඉහළම මට්ටමේ අය බිහිකරන්න ඕනේ. එය ශ්‍රී ලංකාවට දුෂ්කර කාරණයක් නෙමෙයි. කොතරම් අඩුපාඩු තිබුණත් මට හිතෙන්නේ අපේ අධ්‍යාපනයේ ප්‍රතිඵළ ඉහළයි. ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට අපේ සිතුම් පැතුම්වල පරිවර්තනයකුත් අවශ්‍ය වෙනවා. එය සැබැවින්ම අපට ළඟාකර ගතහැකි මෙවලමක්. අප දැන් ඉන්නේ එම අධ්‍යාපනයේ තුන්වැනි අදියරේ. ඒ ඩිජිටල්කරණය වූ අධ්‍යාපන පද්ධතියේ විවෘත වේදිකාවක් ඔස්සේ දැනුම භාවිත කිරීමයි.

අප ඩිජිටල් ආර්ථිකයක් දෙස අවධානය යොමුකරන අතරම නවතම තාක්ෂණය යොදාගන්නත් අප බලාපොරොත්තු වෙනවා. අප බුද්ධිය පාවිච්චි කර සිතුවොත් පමණයි ශ්‍රී ලංකාවට ඉදිරියට යා හැක්කේ. ඇත්තෙන්ම පාර්ලිමේන්තුවේ ඉන්න මගේ සමහර මිතුරන්ට එය අවශ්‍ය වෙනවා, 21 වැනි සියවසේ ආර්ථිකය මොකක්ද කියලා හඳුනාගන්න. මම හිතන්නේ අපට ඔවුන් සඳහාත් පංතියක් සකස් කරන්න පුළුවන්” යැයි ජනාධිපතිවරයා සඳහන් කළා.

Latest News

More like this

මාතලේ මිනී ඇටකටු ගැන කියමින් මගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමේ උත්සහයක් පවතිනවා.. රෝහිණි කවිරත්න

88-89 වකවානුවේ හා එල්.ටී.ටී.ඊ සංවිධානය දළඳා මාළිගාවට එල්ල කළ...

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...
error: Content is protected !!