අනුරගේ ජීවිතය අනතුරේ. වෙනත් රටක සිට ඔන්ලයින් ඔස්සේ ප්‍රචාරක වැඩපිළිවෙළ කරන්නයැයි ලන්ඩනයේ ශ්‍රී ලාංකිකයන්ගෙන් ප්‍රබල ඉල්ලීමක්

එළැඹෙන ජනාධිපතිවරණය සහ මේ වන විට ජාතික ජන බලවේගයේ නායකත්වය කෙරෙහි පවතින මහජන රැල්ල සැලකීමේ දී අනුර කුමාර දිසානායාක මහතාගේ ජීවිත ආරක්ෂාව පිළිබඳ දැඩි තර්ජනයක් පවතින බවත් ඒ සම්බන්ධයෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක අවශ්‍යතාව ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ප්‍රබල ලෙස මතු කර තිබෙනවා.

(15) දින ලන්ඩනයේ Crystal Grand හි දිජ් පැවති ජාතික ජන බලවේගයේ රැළිය අතරතුර එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් නායක අනුර කුමාර දිසානායක ඒ සම්බන්ධයෙන් දක්වන සැලකිල්ල වැඩි කර ගත යුතු බවට අවධාරණය කර තිබෙනවා.

“බොන්ඩ් ස්කෑම් එක වෙනුවෙන් සාක්ෂි දුන්නු ව්‍යාපාරිකයෙක් ඝාතනය වුණා. එහෙම රටක ඉඳල තමයි මම මේ රටට එන්නෙ. ව්‍යාපාරිකයෙකුටවත් ආරක්ෂාව නැති රටක තමයි අපි ජීවත් වුණේ. රනිල් කියන ලේ මාපිළාගෙන් ඔබතුමගේ ජිවිතේ බේරාගන්නෙ කොහොමද කියන එක මට ලොකු ප්‍රශ්ණයක්” යැයි එහි දී අදහස් දැක්වූ තරුණයෙක් අනුර කුමාර දිසානායක වෙත පවසා සිටියා.

එමෙන්ම ඔහු අවධාරණය කළේ නායක අනුර වෙන රටක සිට ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය මෙහෙය වීමේ දැඩි අවශ්‍යතාවක් පවතින බවයි.

වෙනත් රටක සිට ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ එය ක්‍රියාත්මක කළ යුතු බවයි ඔහු පැවසුවේ.

“මොකද ඔබ ජීවිතේ බේරාගත්තොත් තමයි අපට NPP ආණ්ඩුවක් හදන්න පුළුවන් වෙන්නෙ”

ඊට පිළිතුරු දෙමින් අනුර කුමාර දිසානායක මහතා දැක්වූයේ මෙවන් අදහසක්.

“අපි ජනතාව එක්ක මේ වැඩේ කරන්න ඕන. ආරක්ෂාව පිළිබඳ සැලකිල්ලක් කරන්නත් ඕන. ලාබෙට ජීවිතේ දෙන්න ඕනත් නෑ. ඒ නිසා ඊට සරිලන වැඩපිළිවෙළක ඉඳන් අපි වැඩ කරනවා”

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!