අනුර ලන්ඩනයට රැගෙන ගිය කුඩා බෑගයේ මුංකැවුම් අරගෙන ගියේ කාට ද? අනුර ගැන කවුරුත් නොහිතපුම කතාවක්

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ශ්‍රී ලාංකිකයන් ඇමතීම සඳහා ලන්ඩන් වෙත් ගොස් සිටින ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පිළිබඳ පුවත්වලින් ෆේස්බුක් සහ යූ ටියුබ් වැසී යද්දී මුහුණු පොතේ දමා තිබූ සටහනකින් කියැවුණේ අපූරු පුවතකි.

ඒ අනුර කුමාර දිසානායක මහතා එහි සිටින ඔහුගේ සමීපතමයෙකු වෙත රැගෙන ගොස් ඇති තෑග්ගක් පිළිබඳවයි.

ඔහු මෙම තෑග්ග රැගෙන ගියේ ප්‍රවීණ මාධ්‍යවේදියකු වන උවිඳු කුරුකුසූරියටයි.

ලන්ඩන් යනකොට අනුර ගෙන ගිය බෑග් එකේ තිබුණ ඒ තෑග්ග වෙන දෙයක් නෙවෙයි මුං කැවුම් පාර්සලයක් බව උවිඳු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ අනුරගේ සංවේදී බව පිළිබඳ කිසිවෙකු නොසිතන ආකාරයේ පැත්තක් අනාවරණය කරමින්.

උවිඳු පවසා තිබෙන ආකාරයට මේ කැවුම් පාර්සලය අනුර ගෙන යන්නේ මුං කැවුම් සඳහා අතිශය ප්‍රිය තාවක් දක්වන උවිඳුගේ පුතු වෙනුවෙන්.

මේ ඔහුගේ ෆේස්බුක් හි ඒ පිළිබඳ තබා තිබූ සටහනයි.

මේ 👇 තමා මට අනුර ලංකාවෙන් ගෙනත් දුන්න තෑග්ග​. ඒක තමා අනුර මට භෞතික වශයෙන් දුන්න එකම තෑග්ග​. මේ මුං කැවුම්. මේ තෑග්ගෙන් සංකේතවත් වන්නේ කුමක්ද​?

අර සාමාන්‍යයෙන් පොඩි බෑග් එකක් රට යනකොට අරං යන අනුර මේවත් අරං ඇවිත්!

මේ පින්තූරෙ ගන්න කොටත් ඌ ඇඹරුනා!

මට මතක් උනේ සංස්කෘතිය ගැන ජෝතිපාල මැරුණම ගිය ජනප්‍රිය සංස්කෘතිය (පීචං සංස්කෘතිය) සහ ප්‍රබුද්ධ සංස්කෘතියයි ගැන විවාදය!

මට තවත් එකක් මතක් උනා. මම චූටි කාලෙ අපේ සුදු අම්ම (තාත්තගෙ අම්ම) අපේ නුවර ටවුමෙ ගෙදර ඉඳල, ඉඳල හිටල අපි හිටපු උඩපේරාදෙණියෙ ගෙදරට එනකොට ගේන්නෙ ලොකු වේවැල් කූඩයක දාගත්ත නුවර ගෙදර අල්ලපු ඇම්පැයර් බේකරියෙන් ගත්ත පාන් මිසක්, කේක් ජාති නෙමෙයි. ඒත් අම්මගෙ අය කොළඹ ඉඳන් උනත් ගේන්නෙ ලොකු කේක් එහෙම. ඕකට හෙන කේස් යනව​. අප්පෝ ඔච්චර උගත් සල්ලිකාරයො ගෙදරකට යනකොට ගෙනියන්නෙ පාන්. ඒත් අපේ නූගත්තු ගේන්නෙ කේක් සහ අරව මේව කියල​.

මම දේශපාලනඥයින් දෙදෙනෙකුගෙන් විතරයි භෞතික තෑග්ගක් අරං තිබ්බෙ ඊයෙ වෙනකං. ඒ වාසුගෙන් සහ රාජිතගෙන්.

විශ්වවිද්‍යාලයේ ඉන්නකොට ජේවීපී එකත් ගෝරි ගිය දවසක මමත් තවත් අපේ නිදහස් කවයෙ සහෝදරයෙකුත් ගිහින් වාසුව හමුවුනා කතාව කියන්න​. මොකද වාසු පාර්ලිමේන්තුව වනසයි අපිට බැනල කියල​. වීරසූරියට වෙඩි වැදිල මිය ගියාම පාර්ලිමේන්තුවට මල්වඩමක් අරං ගිය පොරනෙ එයා. වාසු මම කියන එකට පැය දෙකකට ආසන්න කාලයක් සාවදානව අසන් හිටිය​. වාසු මම දැකපු හොඳම ඇහැම්කං දෙන්නෙක්. එයා තේරුම් ගත්ත මොකද උනේ කියල​. අන්තිමට එයා අපි දෙන්නව එයාගෙ ඩබල් කැබ් එකේ දාගෙන විජේරාමේ කනත්ත පාරෙ මම හිටිය ගෙදරට ගෙනත් දැම්ම​. බස්සනකොට පර්ස් එක ඇරල රුපියල් සීයක් දුන්න සහෝදරවරු දෙන්න රෑට කන්න කියල​. ඒකෙන් දෙන්නට කන්න තිබ්බ​. නමුත් මගේ බෝඩීමේ මම නවත්තගෙන හිටිය, ගෙවල්වල යන්නෙ නැතිව අපේ පොට් එකේ නොහිටියෙ සහෝදරවරුන්ටවත් කන්න නැහැ හරියකට​. ඒත් මම එපා කිව්ව​. ඒත් බලෙන්ම දුන්න. ඉතිං ගත්ත අපි දෙන්න​.

අනික රාජිතගෙන්. මගේ පුතා ලැබුනෙ අපි චන්ද්‍රිකාට විරුද්ධ කාලෙ. ඒ චන්ද්‍රිකාගෙ ආණ්ඩුව දූෂණයට සහ මර්දනයට යන කාලෙ. එතකොට රාජිත සහ එයාගෙ පවුලෙ අය පිටරටකට ගියා. එහෙ ඉඳන් මට කෝල් කරල ඇහැව්ව උවිඳු දැන් පුතාට ඕන බඩු ටික ගේනව මායි සුජාතයි – ගෝකාට් එකේ ඉඳන් කියනව​. මම කිව්ව පිස්සුද මොකුත් එපා ඒ ඔක්කොම තියෙනව කියල​. මට ඇත්තටම මොකුත් තිබ්බෙත් නැහැ. ඊට පස්සෙ එයා මට කොළපාට කොටු කොටු ශර්ට් එකක් ගෙනත් දුන්න​. මට ඒක ප්‍රතික්‍ෂේප කරන්න බැරි උනා. මම ගත්ත​, කොල්ලො ගොඩකුත් ඒක ඇන්ද​.

[ඔය කතා දෙකම මම ලියල තියෙනව මීට කලින් කීම වතාවක්ම​]

තුන්වෙනි වතාව තමා අනුර මට ගෙනා මුංකැවුම් ටික​.

අනුරව මට හමුවුනේ අවුරුදු හයකට පස්සෙ. මම එයාට පොත් යවනව එක එක්කෙනා අතේ. රාජිතටත් මම 2002දි එංගලන්තෙ ඉඳන් යනකොට නෙල්සන් මැන්ඩෙලාගෙ Long walk to the Freedom පොතක් ගිහින් දුන්න. වාසුට නම් මොකුත් දීල නැහැ. නමුත් වාසුට පපුවෙ අමාරුවක් හැදුනම මම රුපියල් සීයෙ කතාව ලිව්ව. ඔය චතුරගෙ කේස් එකක් ආවම මම රාජිත මට දීපු ශර්ට් කතාව ලිව්ව.

අනුර දන්නව මගෙ පුතාට කෑමවල සෙන්සර්ස් ඉශූ එකක් තිබ්බ කියල​. එයා ආස මුං කැවුමුයි, කොකිසුයි විතරයි සිංහල අවුරුදු කෑම වලින් කියල​. දැන් අවුරුදු විසිපහකටත් වැඩි ඒ කොල්ලට ඒ මුං කැවුම් ටික ගෙනත් දෙන්න​, එච්චර මතක තියෙන්නෙ ඌ කොච්චර සංවේදී එක්කෙක් වෙන්න ඕනද​! ඒ තෑග්ග මට ජිවිතේ අමතක නොවෙන දෙයක් මචං!

ඒව අස්සෙ දේශපාලනය කුමක් උනත් මනුස්සකම ගැන තේරුම් ගැනීමක් තියෙනව. මට ගොඩක් අය ඕන තරම් තනතුරුවල සිට මොකක් දෙන්න ගියත් මම අරං නැහැ අද වෙනකං.

අනුර එක්ක ඒ කාවවත් සසඳන්න බැරි තරමට එයා සමාජය අල්ලගෙන ඉවරයි.

එයා පීචං සංස්කෘතිය කිව්ව එකයි විදග්ධ සංස්කෘතිය කියන එකයි දෙකම ග්‍රහණය කරගෙන ඉවරයි. එයා දැන් එච්චර ලොකුයි.

මම එයාගෙ මූණට ඒ කිසිවක් කීවෙ නැහැ ඊයෙ හවස. එකට කෑම කාපු පස් දෙනාම සාක්කි කියයි. අපි දෙන්න පිස්සු විහිළු කරකර පොඩි උන් දෙන්නෙක් වගේ හිටිය කියල ඊයෙ පළෙවෙනි වතාවට අනුරව හඳුනගත්ත මගේ හොඳ මිත්‍රයෙක් – මටත් වඩා වයසක ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙක් – අනුරුද්ධ ලොකුහපුආරච්චි – යන ගමන් කිව්ව. අනුර ඇත්තටම අඬන හිනාවෙන, ඒත් ලාබෙට මරන්න බැරි කොල්ලෙක්.

අපි දෙන්නගෙ ආතල් පින්තූර පසුවට. සෙල්ෆි ඉල්ලනවනෙ කස්ටිය​. මම සෙල්ෆි ගන්නෙ නැහැ. වෙන අය ගත්ත ඒව එයි. අපි දෙන්න​ පොඩි සීරියස් සීන් යනකොට අනුරුද්ධය ගත ඒව සිය ගානක් මට එවල ඊයෙ රාත්‍රියේ. 🙂

Latest News

More like this

අමෙරිකාව ශ්‍රී ලංකාවේ භාණ්ඩ සඳහා තීරුබදු ‘සීරෝ’ කිරීමට සැරසෙයි

ශ‍්‍රී ලංකාවෙන් ඇමෙරිකාවට අපනයනය කරන භාණ්ඩ වර්ග 1161කින් 42ක්...

භික්ෂූන් වහන්සේලාගේ අබිරහස් ජීවිත බ්ලැක්මේල් කර තායිලන්තයේ නිර්මල බුදුදහම අර්බුදයට යැවූ කාන්තාව

ජ්‍යෙෂ්ඨ නායක බෞද්ධ භික්ෂූන් වහන්සේලා පොළඹවාගනිමින් ඔවුන්ගේ සමීප තොරතුරු...

ඉරාකයේ සාප්පු සංකීර්ණයක් ගිනිගෙන ජීවිත් 60ක් අළුවෙයි

නැගෙනහිර ඉරාකයේ අල්-කුට් නගරයේ සාප්පු සංකීර්ණයක ඇති වූ දැවැන්ත...

ගාසා හි එක් දිනක් තුළ ළමුන් 10 දෙනෙකුට දෙපා අහිමි වේ

ඊශ්‍රායලයේ අඛණ්ඩ ප්‍රහාර හේතුවෙන් අවම වශයෙන් පලස්තීන දරුවන් 10...
error: Content is protected !!