රාජ්‍ය අමාත්‍යවරුන්ගෙන් බහුතරයක් රනිල්ට හැරේ

පොදු ජන පෙරමුණ නියෝජනය කරන ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරුන්ගෙන් අති බහුතරය ඉදිරි ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට අනිවාර්යයෙන් කටයුතු කළ යුතු බවට පොදු ජන පෙරමුණේ නායකත්වයට බලපෑම් කරමින් සිටින බව වාර්තා වෙනවා.

ආණ්ඩුවේ රාජ්‍ය ඇමැතිවරුන් තිස්පස් දෙනාගෙන් තිස් දෙදෙනෙකුම ජනපතිවරයා වෙනුවෙන් ඍජුව පෙනී සිට ඇති අතර ආණ්ඩුව මෙම තීරණය ගතහොත් පොදුජන පෙරමුණේ බෙදීමක් කිසිසේත් සිදු නොවන බවද සඳහන් කර තිබෙනවා.

දැනට සිටින රාජ්‍ය ඇමැතිවරුන්ගෙන් දෙදෙනකු ඉදිරියේදී යළි දේශපාලනයේ නිරත නොවන නිසා මෙම තීරණයේදී ඔවුන් කිසිදු මතයක් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියි.

ජනපතිවරයා අපේක්‍ෂකයා කළ යුතු බවට පොදුජන පෙරමුණ නියෝජනය කරන තරුණ රාජ්‍ය ඇමැතිවරුන් දැඩි ලෙස පෙනී සිටින බවත් එසේ නොකරන්නේ නම් රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක් වීමට සූදානමින් පසුවෙන බව වැඩිදුරටත් වාර්තා වී තිබෙනවා.

Latest News

More like this

පරිස්සමෙන්.. ගංවතුරට අහුවුණ සහල් වෙළඳපොළට බෙදාහරින ජාවාරමක්

මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ප්‍රදේශයේ ගංවතුරෙන් හානි වූ පරිභෝජනයට නුසුදුසු...

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...