ඉන්දීය විදේශ අමාත්‍ය ජයශංකර් හදිසියේ ලංකාවට එන්නේ ඇයි?

ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් ලබන බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර, මන්නාරමේ අදානි අරමුදල් සපයන සුළං බල ව්‍යාපෘතිය සහ ත්‍රිකුණාමලයේ කර්මාන්ත කලාපයක් සැලසුම් කිරීම වැනි ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති කිහිපයක් ඇතුළු ඉන්දියානු අරමුදල් සපයන ව්‍යාපෘති සමාලෝචනය කිරීමට සහභාගී වනු ඇතැයි වාර්තා වෙනවා.

මීට අමතරව, පසුගිය ජූලි මාසයේදී අත්සන් කරන ලද ඉන්දියා-ශ්‍රී ලංකා ආර්ථික හවුල්කාරිත්ව දැක්ම යටතේ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව ද අවධානය යොමු කිරීමට නියමිතයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාගේ මෙම සංචාරය සිදුවන්නේ ජනාධිපති නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීම්‍ සඳහා නවදිල්ලි නුවරට ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංචාරයෙන් දින 10කට පසුවයි.

මෙම සංචාරය අතරතුර ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ විදේශ අමාත්‍ය අලි සබ්‍රිට අමතරව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවීමට ද ඔහු සූදානමින් සිටින බව වාර්තා වෙනවා.

එමෙන්ම අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය සඳහා අවශ්‍ය සැලසුම් සිදු කිරීම ද ඔහුගේ සංචාරය අතරතුර සිදු කිරීමට නියමිතයි.

විධිමත් විධිවිධාන අවසන් වූ පසු අගමැති මෝදි අගෝස්තු මාසයේදී මෙරටට පැමිණීමට අපේක්ෂා කරන බව විදේශ අමාත්‍යාංශයේ ආරංචි මාර්ග පවසනවා.

විදේශ අමාත්‍යවරයාගේ සංචාරය සිදු වන්නේ මන්නාරම රදගුරු පදවියේ රදගුරුතුමා ඇතුළු පරිසර සංවිධාන, සිවිල් සංවිධාන සහ අදාළ පුරවැසියන් විසින් Adani Green Energy විසින් ක්‍රියාත්මක කරන මෙගාවොට් 250ක මන්නාරම සුළං විදුලිය පිහිටුවීමේ ව්‍යාපෘතිය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් ගොනු කර ඇති පසුබිමක වීම විශේෂත්වයකි.

Latest News

More like this

අරගලයේ ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා මන්ත්‍රීවරු ලබාගත් වන්දි ආපසු ලබා ගැනීමේ නඩුවට දින නියම වේ

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයෙන් පහ කිරීම සඳහා...

ඇමරිකන් බද්ද අඩු කරගන්න ආණ්ඩුවට රනිල්ගෙන් තුරුම්පුවක්..

රී ලංකාවේ අපනයන සඳහා දැනට පනවා ඇති සියයට 30...

අමෙරිකාව ශ්‍රී ලංකාවේ භාණ්ඩ සඳහා තීරුබදු ‘සීරෝ’ කිරීමට සැරසෙයි

ශ‍්‍රී ලංකාවෙන් ඇමෙරිකාවට අපනයනය කරන භාණ්ඩ වර්ග 1161කින් 42ක්...

භික්ෂූන් වහන්සේලාගේ අබිරහස් ජීවිත බ්ලැක්මේල් කර තායිලන්තයේ නිර්මල බුදුදහම අර්බුදයට යැවූ කාන්තාව

ජ්‍යෙෂ්ඨ නායක බෞද්ධ භික්ෂූන් වහන්සේලා පොළඹවාගනිමින් ඔවුන්ගේ සමීප තොරතුරු...
error: Content is protected !!