කෙහෙළියලා බාල බෙහෙත් හදලා තියෙන්නෙ කිරි, පළතුරු ජූස් හදන මැෂින්වලින්

හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පාලන සමයේදී මෙරට නිපද වූ තත්ත්වයෙන් බාල පිළිකා සහ ඉමියුනොග්ලොබියුලින් ඖෂධ නිෂ්පාදනය කර ඇත්තේ පලතුරු යුෂ නිෂ්පාදන සහ කිරි පැකට් නිෂ්පාදන යන්ත්‍ර ආනයනය කරන ලද සමාගමක් විසින් බව නවතම විගණන වාර්තාවක් හෙළි දරව් කර තිබෙනවා.

අදාළ ඖෂධ නිෂ්පාදන ආයතනය කිසිදු අවස්ථාවක ඖෂධ නිෂ්පාදනයට අදාළ යන්ත්‍රෝපකරණ මෙරටට ආනයනය කිරීමට කටයුතු කර නොමැති එම වාර්තාව පවසනවා.

අදාළ වාර්තාව පෙන්වා දෙන ආකාරයට 2017-2021 කාලවකවානුවේදී එම සමාගම විසින් පලතුරු යුෂ නිෂ්පාදන යන්ත්‍රයක්, කිරි පැකට් නිෂ්පාදන යන්ත්‍රයක්, කිරි ගබඩා කරන උපකරණ, ජීවානුහරණ උපකරණ ආදිය පමණක් රේගුව හරහා ගෙන්වා ඇති බව සඳහන් වෙනවා.

ප්‍රශ්නගත තත්ත්වයෙන් බාල බවට තහවුරු වූ ඉමියුනොග්ලොබියුලින් නිෂ්පාදනය කරනු ලැබූ අදාළ සමාගම 2023 වසරේ අප්‍රේල් මසදී ඖෂධ නියාමන අධිකාරිය විසින් පරීක්ෂාවට ලක්කර ඇති අතර එහිදී අදාළ සමාගම තුළ ඖෂධ නිෂ්පාදනයට සුදුසු කිසිදු පහසුකමක් නොතිබුණු බව සනාථ වී ඇතැයි ද විගණකාධිපතිවරයා සිය වාර්තාවේ දක්වා තිබෙනවා.

සිවිල් සංවිධාන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවසා ඇත්තේ සමාගමට බාල ඖෂධ ගෙන්වීමට අවසර ලබාදී ඇති බවත් එම තත්ත්වය ප්‍රශ්නගත බවත් එබැවින් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය ද කඩිනම් විය යුතු බවයි.

හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයා ඇතුළු නියාමන අධිකාරි අධ්‍යක්ෂ මණ්ඩලය ද හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජගත් චන්ද්‍රගුප්ත, අතිරේඛ ලේකම්, සමන් රත්නායක සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන ඇතුළු කණ්ඩායම දැනුවත්ව මෙම ඖෂධ ගෙන්වීමට අදාළ සමාගම කටයුතු කර තිබුණා.

Latest News

More like this

මාතලේ මිනී ඇටකටු ගැන කියමින් මගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමේ උත්සහයක් පවතිනවා.. රෝහිණි කවිරත්න

88-89 වකවානුවේ හා එල්.ටී.ටී.ඊ සංවිධානය දළඳා මාළිගාවට එල්ල කළ...

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...
error: Content is protected !!