IMF නැතුව රට කරන බව කියන මෝඩ ප්‍රකාශවලට රැවටෙන්න එපා..

ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදල නැතිව වැඩ කරන බව කියන ඇතැම් දේශපාලන පක්ෂවල මෝඩ කතාවලට නොරැවටෙන ලෙස ලක්ෂ 220ක් වන ශ්‍රී ලාංකාවේ ජනතාවගෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා තිබෙනවා.

ලෝක ආර්ථික රටාව හා වෙළෙඳ රටාව පදනම් වී ඇත්තේ දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසු නිර්මාණය වූ ජාත්‍යන්තර මූල්‍ය නීති පද්ධතිය තුළ බවත් අයි.එම්.එෆ් එක ලෝක බැංකුවල GAT එක WTO එක ආදිය හරහා ලෝක ආර්ථික රටාව නිර්මාණය වී ඇති බවත් IMF එක නැතිව මේ ගමන යන්න පුළුවන් කියා කවුරුන් හෝ මෝඩ වීර ප්‍රකාශයක් කරනවා නම් එය ලෝක විහිළුවක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඉකුත් (14)දා ගම්පහ දිවුලපිටිය හුණුමුල්ල මහ විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහනේ 237 වැනි අදියර යටතේ රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී පාසලේ නැටුම් කණ්ඩායම සඳහා ඇඳුම් සපයා ගැනීමට රුපියල් ලක්ෂයක මුදලක් පාසල් සංවර්ධන ගිණුමට පරිත්‍යාග කිරීමද සිදු කදු කර තිබෙනවා.

Latest News

More like this

පරිස්සමෙන්.. ගංවතුරට අහුවුණ සහල් වෙළඳපොළට බෙදාහරින ජාවාරමක්

මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ප්‍රදේශයේ ගංවතුරෙන් හානි වූ පරිභෝජනයට නුසුදුසු...

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...