ඕනෑම පක්ෂයකට මං ගායනා කරනවා

මේ වන විට තමාගේ ප්‍රජා අයිතිය අහෝසි වී ඇති බැවින් දේශපාලනය සිදු නොකරන බවත් ඕනෑම දේශපාලන පක්ෂයක් වෙනුවෙන් ගායනා කිරීමට තමා සූදානම් බව රන්ජන් රාමනායක මහතා පවසනවා.

ඔහු පසුගිය දා හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා විසින් සංවිධානය කරන ලද රැස්වීමකට සහභාගී වීම පිළිබඳ කතා බහක් නිර්මාණය වූ අතර හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ඒ පිළිබඳ කළ විමසීමක දී මාධ්‍ය වෙත පැවසුවේ තමන් එම රැස්වීමට ගියේ ගායකයෙකු ලෙස පමණක් බවයි.

“මට රැස්වීමට ආරාධනා කළා, ඒ නිසා මම එය පිළිගත්තා. මම වෘත්තීය ගායකයෙක්, ඒ නිසා මට ආරාධනා කළොත් සියලුම දේශපාලන පක්ෂ වෙනුවෙන් මම ගයනවා” යැයි ඔහු පවසා තිබෙනවා.

“මට දැන් ප්‍රජා අයිතිය නැති නිසා මම ගායනය සහ රංගනය විතරයි කරන්නේ. සමගි ජන බලවේගය ඇතුළු කිසිවකු මීට පෙර ප්‍රතිඥා දී තිබුණත් මගේ ප්‍රජා අයිතිය යළි ලබා දීම ගැන දැන් කතා කරන්නේ නැහැ,” ඔහු වැඩිදුරටත් එසේ ද සඳහන් කළා.

Latest News

More like this

රුපියල් මිලියන 400 ක ආධාර රැගත් චීන ගුවන් යානය පැමිණේ

ශ්‍රී ලංකාවේ ආපදාවෙන් පීඩාවට පත් ජනතාව සඳහා චීනය විසින්...

අනවසර ඉදිකිරීම් සඳහා කිසිම ඉඩක් නැහැ.. නීති දැඩි කිරීමට ජනපතිගෙන් උපදෙස්

අනවසර ඉදිකිරීම් සඳහා අනාගතයේදී කිසිදු ඉඩක් ලබා නොදෙන බවත්,...

කුණාටුව එන බව දැනගෙන සැඟවූ විපක්ෂයටත් නඩු..

නොවැම්බර් මස 12 වැනි දින කාලගුණ අංශ විසින් රජයට...

නාය යෑමේ අවදානමක් ඇති ඉඩම් රජයට පවරා ගනී

නාය යෑම්වලට ලක් වූ ප්‍රදේශ තවදුරටත් අවදානම් බවට තහවුරු...