මාළිමා රජයක බුද්ධාගමට සැලකිලි අඩු වෙයිද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වැනි වගන්තියෙන් බෞද්ධ ආගම සඳහා ලබා දෙන ප්‍රමුඛස්ථානය ජාතික ජන බලවේගයේ රජයක් තුළ කිසිසේත් අහෝසි නොකරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පසු ගිය සෙනසුරාදා ලන්ඩන් නුවර පැවති ශ්‍රී ලාංකිකයන්ගේ හමුව අමතමින් ලාංකිකයන් ඇසූ ප්‍රශ්ණ කිහිපයකට පිළිතුරු දෙමින්.

මාළිමා රජයක බුද්ධාගමට සැලකිලි අඩු වීමක් පිළිබඳ පවතින සමාජ මත ගැන මෙහි දී ලාංකිකයන් අනුර කුමාර දිසානායක මහතාගෙන් විමසීම් කළා.

2015 සිට 2019 දක්වා ලංකාවට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම සඳහා සාකච්ඡා සිදු වූ බවත් අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා එම සාකච්ඡාවල මුලසුන දැරූ බවත් එම සාකච්ඡා වල කොතනකවත් නව වෙනි වගන්තිය වෙනස් කිරීමක් පිළිබඳ සාකච්ඡා නොවුනු බව ඔහු ඊට පිළිතුරු දෙමින් පවසා සිටියා.

එම සාකච්ඡා සඳහා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් තමා සහ බිමල් රත්නායකත් ද්‍රවිඩ සන්ධානය නියෝජනය කරමින් සම්බන්දන් මහතා සහ සුමන්තිරන් මෙන්ම දිනේෂ් ගුණවර්ධන වැනි මහත්වරුන් සහභාගී වූ බව ඔහු සඳහන් කළා.

ඔවුන් සියලු දෙනා එම සාකච්ඡා සඳහා සහභාගී වුණේ නව වැනි වගන්තිය පිළි අරගනිමින් බවයි ඒ මහතා පැවසුවේ.

ඒ නිසා නව වැනි වගන්තියට අත තැබීම පිළිබඳ අනියත බියක් නිර්මාණය කිරීම මිස එම වගන්තිය වෙනස් කිරීමට උතුරේ දෙමළ නායකයින්ට හෝ අවශ්‍යතාවක් නොමැති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

ලන්ඩන් සමුළුවේ දී ශ්‍රී ලාංකිකයන් විමසූ ප්‍රශ්ණ සහ ඒවාට අනුර කුමාර දිසානායක මහතා ලබා දුන් පිළිතුරු සඳහා පිවිසෙන්න.

Latest News

More like this

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...

තීරු බදු අඩු කරගැනීම සඳහා ශ්‍රී ලංකාව අමෙරිකාවෙන් තෙල් මිලදී ගැනීමට යයි

ඇමරිකාව ශ්‍රී ලංකාවට එරෙහිව පනවා ඇති අන්‍යෝන්‍ය තීරුබදු තවදුරටත්...

නිලන්තට මරණ දණ්ඩනය දීම කතෝලික පල්ලියේ ස්ථාවරය නොවේ

පාස්කු ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත්වීමේ චෝදනාව මත වැඩ තහනම් වූ...

වැව්‍ රක්ෂිතවල ඉදි කර ඇති සියලුම හෝටල් ඉවත් කරනවා. ඩඩ්ලිටත් වැඩ වරදීවි… ඇමති ලාල්කාන්ත කියයි

අනුරාධපුරයේ වැව් රක්ෂිත මායිම් සලකුණු කිරීමේදී තරාතිරම නොබලා එම...
error: Content is protected !!