හෙණ ගහන බද්දක්.. – කුලී නිවාස බද්දට එරෙහිව සජබ මන්ත්‍රීවරු රනිල්ගෙන් ගේම ඉල්ලයි

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එක්ව ලංකාවේ කුලී නිවාස හිමියන්ට බද්දක් ගැසීමට කර ඇති යෝජනාවට සමගි ජන බලවේගයේ විරුද්ධත්වය ප්‍රකාශ කර තිබෙනවා.

එම පක්ෂයේ ආර්ථික කමිටුව නියෝජනය කරන හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ මෙවන් අදහසක්.

“රනිල් වික්‍රමසිංහ මහත්‍තයා එකඟ වෙලා තියෙනවලු IMF එකත් එක්ක අපි ඉන්න ගෙදරක් කුලියට දුන්නොත් ඒ කුලියට සාපේක්ෂව ආදායම් බද්දක් ගහන්න. මේ ගහන්න යන බද්දට අපි විරුද්ධයි. මහා විශාල ගෙවල් තියෙන මිනිස්සුන්ට ඒ ගෙවල්වවල වටිනාකමට බද්දක් ගහන එක වෙනම දෙයක්. මොන පිස්සු කතාවක් ද මේ”

එමෙන්ම මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක අදහස් දක්වමින් එස්.එම් මරික්කාර් මහතා මෙසේ සඳහන් කළා.

“මේ වගේ හෙණ ගහනව වගේ බදු ගහන්න ආණ්ඩු ඕනද? විදෙස් ආයෝජකයින් මේ රටට ගෙනැල්ලා රාජ්‍ය ආදායම ඩොලර්වලින් වැඩි කරගත්තොත් IMF කියන කියන විදියට නටන්න ඕන නැහැ. සාමාන්‍ය මිනිහා තළන පෙළන IMF ගිවිසුම අපි අනිවාර්යයෙන් සංශෝධනය කරනවා”

Latest News

More like this

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...

පකිස්තානය ලංකාවට ටොන් 80ක මානුෂීය ආධාර එවයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වු ආපදා තත්ත්වය මත...

නාමල්ගේ මාසික වැටුප සහ දීමනා ‘ආදරය’ අරමුදලට…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මාසික වැටුප සහ දීමනා...