ඉතාලියේ සංක්‍රමණික බෝට්ටු දෙකක් ගිලී 11 ක් මරුට – දරුවන් 26 ක් ඇතුළු 60 ක් අතුරුදන්

කුණු ඉතාලියේ වෙරළට ඔබ්බෙන් වූ බෝට්ටු දෙකක් අනතුරට ලක්වීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් 60 කට වැඩි පිරිසක් අතුරුදහන් වී ඇති බව වාර්තා වෙනවා.

ගිලෙමින් පැවති එක් ලී බෝට්ටුවකින් පුද්ගලයින් 51 දෙනෙකු බේරාගත් බවත් සඳුදා Lampedusa දූපත අසල සිදු වූ මෙම අනතුරෙන් මළ සිරුරු 10 ක් සොයා ගත් බව ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහන් කර තිබෙනවා.

එදිනම වාර්තා වූ අනෙක් අනතුරෙන්, පුද්ගලයන් 60 කට වැඩි පිරිසක් අතුරුදහන් වී ඇති බව වාර්තා වී ඇති අතර, ඔවුන්ගෙන් 26 දෙනෙකු ළමයින් බවට බිය පළ වී තිබෙනවා.

මෙම බෝට්ටුව ලිබියාවේ සිට පිටත්ව ගොස් ඇති අතර සිරියාව, ඊජිප්තුව, පකිස්ථානය සහ බංග්ලාදේශයේ සංක්‍රමණිකයන් රැගත් බව එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය UNHCR, සංක්‍රමණ සඳහා වන ජාත්‍යන්තර සංවිධානය (IOM) සහ UNICEF ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා තිබෙනවා.

ඇෆ්ගනිස්තානයේ සිට පැමිණි සියලුම පවුල් මිය ගොස් ඇතැයි අනුමාන කරනවා. ඔවුන් දින අටකට පෙර තුර්කියේ සිට පිටත්ව ගොස් දින තුනක් හෝ හතරක් මුහුදේ ගමන් කර තිබෙනවා. ඔවුන් අපට පැවසුවේ ඔවුන්ට ජීවිතාරක්ෂක ඇඳුම් නොමැති බවත් සමහර යාත්‍රා ඔවුන්ට උදව් කිරීමට නතර නොවූ බවයි.”

මධ්‍යධරණී මුහුද යනු ලොව ඇති මාරාන්තික සංක්‍රමණ මාර්ගයයි.

එක්සත් ජාතීන්ගේ දත්ත වලට අනුව 2014 වසරේ සිට සංක්‍රමණිකයන් 23,500 කට වැඩි පිරිසක් මෙම මාර්ගයේ දී මියගොස් හෝ අතුරුදන් වී ඇති බවයි වාර්තා වන්නේ.

Latest News

More like this

මාතලේ මිනී ඇටකටු ගැන කියමින් මගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමේ උත්සහයක් පවතිනවා.. රෝහිණි කවිරත්න

88-89 වකවානුවේ හා එල්.ටී.ටී.ඊ සංවිධානය දළඳා මාළිගාවට එල්ල කළ...

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...
error: Content is protected !!